WhatsApp පරිශීලකයින් හට යම්කිසි chat එකක් සම්පූර්ණයෙන්ම mute කිරීමේ හැකියාව මේ දක්වා නොතිබූ අතර උපරිමය වසරක කාළසීමාවක් සඳහා පමණක් mute කිරීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කර තිබිණි.

කොහොම නමුත් මේ වන විට Mute Always නම් වූ අලුත් පහසුකමක් WhatsApp වෙත හඳුන්වාදීමට WhatsApp ආයතනය සූදානමින් සිටින අතර, මෙය දැනට පවතින 1-year option එක වෙනුවට ලබාදීමට කටයුතු කරනු ඇති බව WABetaInfo වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

'Mute Always' විශේෂාංගය

දැනට සංවර්ධනය කරමින් පවතින WhatsApp 2.20.197.3 සංස්කරණයෙහි මේ පහසුකම අන්තර්ගත වන අතර, ඉදිරියේදී මෙම සංස්කරණය WhatsApp beta channel එක හරහා මූලිකව beta පරිශීලකයින් හට ලැබෙනු ඇත.

Mute Always විශේෂාංගයත් සමඟින් WABetaInfo විසින් නවතම WhatsApp beta releases වලදී ලබා දීමට නියමිත ‘Expiring messages’ සහ ‘multi-device access’ පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම විශේෂාංග ගැන මුලින් දැනගැනීමට හැකියාව ලැබුණේ මේ වසරේ මාර්තු මාසයේදී වන අතර, WhatsApp මෑතකදී beta release එකකින් මෙම විශේෂාංග පරීක්ෂා කිරීම ආරම්භ කරනු ලැබුවා.

‘Expiring messages’ විශේෂාංගය

Android සඳහා වන WhatsApp beta 2.20.197.4 සංස්කරණය සමඟින්, expiring messages විශේෂාංගය සඳහා වන UI එකෙහි යම් යම් වැඩි දියුණු කිරීම් සිදු කර ඇති අතර එම messages මැකී යාමට පෙර අදාල chat එක තුළ කොපමණ තිබිය යුතුද යන්න තෝරා ගැනීමට පරිශීලකයින්ට option එකක් ලබා දෙනවා වෙනුවට, මේ අලුත් UI එක මඟින් දින හතකට ස්වයංක්‍රීයව ඉවත් වනු ඇති බව දැකගත හැකි වෙනවා.

Multi-device access feature එක සඳහා නව UI එකක් ලබා දී ඇති අතර එමගින් අදාල පරිශීලකයා දැනට WhatsApp භාවිතා කරනු ලබන උපාංග කළමනාකරණය කිරීමට පරිශීලකයින්ට හැකියාව ලැබේ.

මේ සඳහා ලබාදී ඇති අලුත් UI එක app එකෙහි 2.20.196.8 beta සංස්කරණයෙහි දැකගත හැකි අතර එය three-dot menu එකට නව ‘Linked Devices’ ලෙස option එකක් හදුන්වා දී තිබෙනවා.

Option එක මත tap කිරීමෙන් app එකෙහි නව screen එකක් විවෘත වන අතර එමඟින් සියලු සම්බන්ධිත උපාංග ලැයිස්තුගත කර පරිශීලකයින් හට නව උපාංගයක් සම්බන්ධ කිරීමට හෝ සම්බන්ධිත උපාංගයකින් ඉවත් වීමට අවස්ථාව ලබා දෙනවා.


මීට අමතරව  බ්‍රසීලියානු පරිශීලකයින් සඳහා WhatsApp ආයතනය විසින් නව privacy policy එකක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද WABetaInfo වෙබ් අඩවිය අනාවරණය කරන අතර එම policy එක ක්‍රියාත්මක වීමට පටන් ගත් වහාම එම කලාපයේ පරිශීලකයින් හට in-app banner notification එකක් හරහා ඒ පිළිබදව දැනුවත් කිරීමක් ලැබෙනු ඇත.

එමෙන්ම WhatsApp වෙත එකතු කිරීමට නියමිත ‘Advanced Search Mode’ එක පිළිබඳව විස්තර කිහිපයක් ද WABetaInfo වෙබ් අඩවිය විසින් අනාවරණය කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම අංගය මෙම වසරේ අපේ‍්‍රල් මාසයේදී ප්‍රථම වරට දැකගත හැකි වූ අතර, එය chat එකක send කල හෝ receive වූ දේ පිළිබඳව search කරන අතරතුර පරිශීලකයින් හට Audio, Video, Documents, Links, GIFs වැනි tags තෝරා ගැනීමට ඉඩ ලබා දෙයි.

ඉහත සඳහන් කළ සියලුම අංග තවමත් development අදියරෙහි පවතින අතර ඒවා තවමත් WhatsApp beta channel එකේ සිටින පරිශීලකයින් හට පවා ලබාදී නොමැති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ WABetaInfo (1,2,3) භාවිතා කළ හැක.