Microsoft සමාගම විසින් ඔවුන්ගේ AI Assistant වැඩසටහන වන Cortana සේවාවට අදාල iOS සහ Android apps මෙන්ම, Harman Kardon Invoke smart speaker එකට අන්තර්ගත කර තිබුණු සේවාව ද 2021 වර්ෂයේ සිට නවත්වාදැමීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම first generation Surface Headphones වලින් ද මෙම සේවාව ඉවත්වී යනු ඇති අතර, Harman Kardon Invoke speaker එක මිලදීගත් පාරිභෝගිකයින් හට $50 gift card එකක් ලබාදීමට ද සැලසුම් කර ඇති බව වාර්ථා වෙනවා.

කොහොම නමුත් මේ ඩොළර් 50ක gift card එක ලබාදෙන්නේ 2019 වර්ෂයේ ජුලි මස 31 වැනි දිනයට පසු Cortana සේවාව වෙත අවම වශයෙන් voice request එකක් හෝ සිදු කර ඇති ඇමෙරිකාවේ ජීවත් වන පරිශීලකයින් සඳහා පමණක් වන අතර එම voice request එක මීට අදාල announcement එක නිකුත් කළ දිනය, එනම් 2020 වර්ෂයේ අගෝස්තු 1 වැනි දිනට පෙර සිදු කර තිබීමට අනිවාර්යය වෙනවා.

මේ අනුව ක්‍රමයෙන් Microsoft Cortana සේවාව Google Assistant සහ Amazon Alexa වැනි සේවාවන් සමඟින් තරඟ කිරීම නවත්වාදැමෙන අතර, ඒ වෙනුවට Microsoft 365 suite එක හරහා ප්‍රයෝජනවත් ක්‍රියාකාරකම් සඳහා යෙදවීමට Microsoft සමාගමේ අවධානය යොමු වී තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Microsoft වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.