Pixel 4a ජංගම දුරකථනය මැයි මස පැවැත්වීමට නියමිතව තිබුණු Google I/O 2020 event එක අතරතුරදී එළි දක්වනු ඇතැයි අපේක්ෂා කල ද එය අවලංගු කිරීමත් සමඟින් බොහෝ දෙනා අපේක්ෂා කලේ එය ජුනි මස Android 11 Beta Launch Show එකත් සමග එළිදක්වනු ඇති බවයි.

නමුත් එම අවස්ථාව ද අවාසනාවන්ත ලෙස අවලංගු වූ අතර ඉන්පසුව අන්තර්ජාලයට නිකුත් වූ තොරතුරු මගින් අනාවරණය වූයේ Pixel 4a ජංගම දුරකථනය ජූලි මස එළිදැක්වන බව වුවත් තවමත් එය දැකගැනීමට හැකියාවක් ලැබී නැහැ.

මේ අතරතුර Google සමාගම විසින් ඊයේ දිනයේදී සම්පූර්ණ Pixel 4a teaser mode එකක් පෙන්වීමට කටයුතු කර ඇති අතර, Made by Google Twitter ගිණුමේ සහ Google Store හි lorem-ipsum landing page එකක් මගින් මෙම පණිවිඩය ලබාදීමට කටයුතු කර තිබෙනවා.

අදාළ color puzzle එක විසඳීමට color blocks නිල්, රතු, කහ, නිල්, කොළ, රතු ලෙස Google logo එකේ ඇති පිළිවෙලට සකස් කරන්න.

එම page එකෙහි ඇති සරල color puzzle එක විසඳීමෙන් පසුව ලැබෙන්නේ "The Google just what you've been waiting for phone” සහ "Aug. 3" යන්න වන අතර, එබැවින් අගෝස්තු මස 3 වැනි දින යනු බොහෝදුරට Pixel 4a ජංගම දුරකථනය එළිදැක්වීමේ දිනය විය හැකිය.

ඊට අමතරව මෙම page එකෙහි pseudo lorem ipsum filler text එකෙන් සමන්විත paragraph එකක් දැකගැනීමට හැකියාව ඇති අතර එහි "videus chatum", "lowlightena capturum", "megapixelum" සහ "longlastingis batterum" වැනි යම් යම් වචන මගින් ඉඟි කිහිපයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මීට අමතරව Made by Google Twitter Account එකෙහි name එකද The Google RTing, Meme Loving, Info Sharing Stream ලෙස වෙනස් කිරීමට කටයුතු කර ඇති බව දැකගත හැකි වෙනවා.

මින් පෙර අන්තර්ජාලයට නිකුත් වූ තොරතුරු වලට අනුව Pixel 4a ජංගම දුරකථනය ඇමරිකානු ඩොලර් 349 ක් පමණ වන මිලකට අලෙවි කෙරෙනු ඇති අතර එහි specifications පහතින් දැක්වේ.

Rumored Google Pixel 4a Specifications:

  • Processor: Qualcomm Snapdragon 730
  • GPU: Adreno 618
  • RAM: 6GB
  • Internal storage: 64GB(?), 128GB UFS 2.1
  • Display: Single hole-punch 5.81-inch display, 2,340 x 1,080 resolution, 443 dpi, 60Hz refresh rate
  • Rear camera: 12.2 MP Sony IMX363, f/1.73 aperture, 1.4µm pixels, OIS, EIS, LED flash, 4K video recording, Autofocus
  • Front camera: 8.0 MP Sony IMX355, f/2.0 aperture, 1.14µm pixels, EIS, Fixed focus
  • Connectivity: 4G, Dual SIM, GPS, WiFi 5, Bluetooth, GLONASS
  • Ports: USB Type-C, 3.5mm headphone jack
  • Security: Rear fingerprint sensor
  • Battery: 3,080 mAh
  • Software: Android 10

කොහොම නමුත් මෙහි මිළ ඇතුළු මෙම සියලු specifications නිළ නොවන තොරතුරු වන අතර දැනට ලැබී ඇති release date එකද Google සමාගම විසින් ලබාදුන් ඉඟි කිරීමක් පමණක් බව මතක තබා ගතයුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ Google Store වෙබ් අඩවිය භාවිතා කළ හැක