WhatsApp පරිශීලකයින් හට ඉදිරි සති කිහිපය ඇතුලත ලබාදීමට සූදානමින් සිටින පහසුකම් කිහිපයක් පිළිබඳව මේ වන විට WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ නිළ Blog එක හරහා නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp
WhatsApp Messenger: More than 2 billion people in over 180 countries use WhatsApp to stay in touch with friends and family, anytime and anywhere. WhatsApp is free and offers simple, secure, reliable messaging and calling, available on phones all over the world.
නිළ WhatsApp Blog එක

මෙලෙස ලබාදීමට නියමිත පහසුකම් අතර contact-add කිරීම සඳහා QR codes භාවිතා කිරීමේ හැකියාව, animated stickers, group calls ලබාගැනීමේදී යම්කිසි වීඩියෝවක් පමණක් expand කිරීමේ හැකියාව සහ WhatsApp web app එක භාවිතා කිරීමේදී Dark mode එක ලබාදීම වැනි විශේෂාංග අන්තර්ගත වෙනවා.

මෙම features වලින් බොහොමයක් Whatsapp beta version එක හරහා කාලයක් තිස්සේම test කල අතර මෙම official announcement එකත් සමඟ මෙම විශේෂාංග සියලු දෙනාටම භාවිතා කිරීමට හැකියාව ඉදිරි සති කිහිපය ඇතුලත ලැබෙනු ඇත.

  • Animated Stickers: මෙම විශේෂාංගය හරහා වර්ථමානයේ ලබාදී ඇති stickers වලට සමාන නමුත් සරල animations වලින් සම්න්විත stickers භාවිතා කිරීමට පරිශීලකයන්ට අවස්තාව ලැබෙනවා.
  • QR codes: මෙම විශේෂාංගය හරහා පහසුවෙන් contacts එක් කර ගැනීමට හැකි වන අතර එයින් අදහස් කරන්නේ ඔබට සම්පූර්ණ දුරකථන අංකය add කිරීමට වෙනුවට මෙම QR code scan කිරීමෙන් පහසුවෙන්ම නව contacts add කරගැනීමේ හැකියාව ලැබීමයි.
  • Dark mode for WhatsApp web and desktop: මෙම වසර මුලදී සිය mobile apps වලට ලබාදුන් dark mode එකට ගැලපෙන පරිදි desktop සහ web clients සඳහා ද නව dark mode එකක් ලබාදීමට කටයුතු කර ඇත.
  • Improvements to group video calls: WhatsApp group ඇමතුම් ලබාගැනීමේදී පුද්ගලයින් 8 දෙනෙකු දක්වා මේ වන විට එකතු කරගතහැකි නමුත් ජංගම දුරකථනයේ screen එක ‍ප්‍රමාණයෙන් කුඩා බැවින් පැහැදිලිය video streams නැරඹිය නොහැකි වූ අතර මේ වන විට ඒ අතරින් කෙනෙකු focus කොට, එම video එක විශාල කර නැරඹීමේ හැකියාව ලබාදී තිබෙනවා.
  • Status comes to KaiOS: අවසාන වශයෙන්, ඔබ Nokia 2720 Flip වැනි KaiOS ජංගම දුරකතනයක WhatsApp භාවිතා කරන්නේ නම් ඔබට දැන් WhatsApp හි stories-style Status feature විශේෂාංගය භාවිතා කළ හැකිය.
නව විශේෂාංග අතර Animated Stickers, නව contacts එක් කිරීමට භාවිතා කළ හැකි QR codes සහ සේවාවේ desktop client සඳහා dark mode ඇතුළත් වේ. | Image: WhatsApp

WhatsApp ආයතනය ප්‍රකාශ කරන්නේ web app එක සඳහා dark mode එක ලබාදීම සහ KaiOS පරිශීලකයින් සඳහා Status විශේෂාංගය ලබාදීම මේ වන විටත් ආරම්භ කර ඇති බව වන අතර මේ සතියේදී පැමිණෙන update එකක් මගින් video maximization විශේෂාංගය ලබා දීමට කටයුතු කරන බවත්ය.

QR codes, animated stickers සහ නව group calling button එක ඉදිරි සති කිහිපය තුළදී ලබාදීමට කටයුතු කරනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ WhatsApp blog අඩවිය භාවිතා කළ හැක.