Huawei සමාගම විසින් Huawei Apps Up නමින් නව තරගයක් හඳුන්වා දී තිබෙන අතර එහිදී කලාප පහක App Developerවරුන් හට ඩොලර් මිලියන ගණනක සම්පූර්ණ ත්‍යාග මුදලක් බෙදා දීමට නියමිත වෙනවා.

HMS Core එකට අයත් වන AR හා AI හැකියාවන් භාවිතා කරමින් නව App එකක් නිර්මාණය කරන ආකාරය පිළිබඳව උදාහරණයක් ද පෙන්වා දීමට Huawei සමාගම කටයුතු කර තිබෙන අතර එමඟින් ලොව පුරා සිටින App Developerවරුන් හට Huawei සමාගම බලාපොරොත්තු වන්නේ කුමන මට්ටමේ නව්‍යකරණයක්ද යන්න පිළිබඳව අදහසක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.

Best App, Best Game, Best Social Impact App සහ Most Popular App යන කාණ්ඩ යටතේ මෙම තරඟය ක්‍රියාත්මක වන අතර මෙම වසරේ අගෝස්තු 30 දක්වා කාලය තුළ තනි තනිව හෝ කණ්ඩායමක් ලෙස හෝ ඒ සඳහා ලියාපදිංචි විය හැකියාව ලබාදීමට ද Huawei සමාගම කටයුතු කර තිබෙනවා.

Europe, Asia Pacific, Middle East & Africa, Latin America සහ China ලෙස මීට අදාල කලාප නම් කර ඇති අතර කලාපීය වශයෙන් සිටින විනිශ්චය මණ්ඩලයන් විසින් හොඳම App 20 තෝරා ගැනීම සිදු කෙරෙනවා.

අනතුරුව එම Apps සැප්තැම්බර් පළමුවැනිදා සිට Huawei App Gallery වෙත එක් කරන අතර තරඟයේ අවසන් වටය ඔක්තෝබර් මස සිට ආරම්භ වීමට නියමිත වෙනවා. එමෙන්ම හොඳම apps තෝරාගැනීමෙන් අනතුරුව ඒවා Huawei App Gallery එක හරහා රටවල් 170ක පමණ විසිරී සිටින ඔවුන්ගේ මිලියන 650ක් පමණ වූ පරිශීලකයින් හට  Highlights කිරීමට සමාගම සූදානම් වෙනවා.

මෙහිදී Best App, Best Game, Best Social Impact App යන App සඳහා ඇමෙරිකානු ඩොළර් 15,000 බැගින් ත්‍යාග මුදල් ලබා දෙන අතර Most Popular App එක සඳහා ඇමෙරිකානු ඩොළර් 5,000ක ත්‍යාග මුදලක් ලබා දීමටයි Huawei සමාගම තීරණය කර ඇත්තේ. මීට අමතරව ගෞරව සම්මාන වෙනුවෙන් ඇමෙරිකානු ඩොළර් 2,500 ක ත්‍යාග මුදලක් ද හිමි වනු ඇති.

එම තරඟය පිළිබඳ තවත් තොරතුරු මේ Link එකට පිවිසීමෙන් ලබා ගත හැකියි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය, Yahoo News වෙබ් අඩවිය සහ නිළ Huawei වෙබ් අඩවිය භාවිතා කළ හැක.