Nokia වෙළඳ නාමය ජංගම දුරකථන ලොව කිරුළු පැළඳ සිටි දින වල ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව තිබූ Nokia 3310 ජංගම දුරකථනය HMD Global සමාගම විසින් Nokia නාමය යටතේ 2017 වර්ෂයේදී නැවත නිකුත් කිරීමට කටයුතු කළා මතක ඇති.

ඔන්න දැන්, එවැනිම ජංගම දුරකථනයක් වන Nokia 2720 ජංගම දුරකථනයේ ද අලුත් මාදිලියක් අලුත් Operating system එකක් සමඟින් වෙළඳපොලට හඳුන්වාදීමට HMD Global ආයතනය කටයුතු කර තිබෙනවා.

Nokia සමාගම විසින් 2019 සැප්තැම්බර් මස නිල වශයෙන් මේ Nokia 2720 Flip ජංගම දුරකතනය announce කිරීමට කටයුතු කළ අතර මෙහි විශේෂත්වයක් වන්නේ පලමු මාදිලිය නිකුත් කිරීමෙන් වසර 10 කට පසුව මෙම වැඩිදියුණු කල මාදිලිය නිකුත් කිරීමයි.

​නවතම Nokia 2720 ජංගම දුරකථනය Linux මත පදනම් වුණු මෙහෙයුම් පද්ධතියක් වන KaiOS මගින් බළගැන්වෙනවා. මෙම kaiOS developer කණ්ඩායම සදහන් කරන අකාරයට මෙම OS එක 4G පහසුකම මෙන්ම අත්‍යවශ්‍ය apps 100ක් පමන මෙම KaiOS මත ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා.

Introducing the Nokia 2720 Flip and 800 Tough, powered by KaiOS - KaiOS
HMD Global, the home of Nokia phones, today announced the Nokia 2720 Flip and the Nokia 8110 Tough, both running on KaiOS, the leading operating system for smart feature phones. KaiOS enables both phones with 4G connectivity and access to a hundred essential apps like WhatsApp, The Google Assistant,…

ඒ අතර WhatsApp, Google Assistant, Facebook, YouTube, සහ Google Maps වැනි apps ඇතුලත් වන අතර මේ පිළිබඳව අපි ඔබව පසුගිය වසරේ ජුනි මාසයේ දැනුවත් කළා මතක ඇති.

මේ අනුව මෙහි Google Assistant භාවිතා කරමින් voice commands හරහා විවිධ කටයුතු කරගැනීමේ හැකියාව පරිශීලකයා හට ලැබෙනවා.

Google Maps, YouTube, සහ Assistant යන Apps KaiOS වෙනුවෙන් නිර්මාණය කිරීමට පියවර ගනියි
KaiOS [https://www.kaiostech.com] කියන්නේ ලිනක්ස් පාදක කරගෙන, feature phoneසඳහා නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධතියක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ Firefox OS[https://mozilla.org/firefoxos] එක නිර්මාණය කිරීමට බාවිතා කරන ලද Boot 2 Gecko[https://github.com/mozilla-b2g…

මේ ජංගම දුරකථනය පැරණි Nokia ජංගම දුරකථන මෙන්ම සවි ශක්තිය අතින් ඉතාමත් හොඳ තත්ත්වයක ඇති බවත්, මෙහි battery එක එක් වරක් charge කළ පසු දින 28ක් දක්වා standby තබාගත හැකි බවත් HMD Global ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Color Ocean Black, Grey
Ram 512mb
CPU Qualcomm® 205 Mobile Platform
Srorage Internal storage 4 GB
MicroSD card slot Support for up to 32 GB
Camera Rear camera type 2 MP with flash
Battery Removable BV-6A 1500 mAh

Nokia 2720 flip දුරකථනය වර්ණ මාදිලි දෙකකින් මිලදී ගත හැකි අතර මෙම දුරකනයේ මිල EUR 89 (ආසන්න වශයෙන් රුපියල් 17800.00) ක් පමණ වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Nokia වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.