Spotify යනු මේ වන විට වඩාත්ම ජනප්‍රිය music streaming services එකක් වන අතර ශ්‍රී ලංකාව තුළ තවමත් මෙම සේවාව නිළ වශයෙන් available නොමැති වුවද විවිධ ක්‍රම හරහා බොහෝ දෙනෙක් මෙම සේවාව භාවිතා කරනු ලබනවා.

Spotify ආයතනය විසින් පසුගිය මාර්තු මාසයේදී Android පරිශීලකයන් සඳහා නව homescreen UI එකක්, universal shuffle button එකක් සහ rejigged Action row එකක් ලබාදීමට කටයුතු කරන ලද අතර ඉන් පසුව Follow Feed පහසුකමද, මැයි මාසයේදී social listing පහසුකම ද එක් කිරීමට කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම පසුගිය වසරේදී Swedish music streamer විසින් live lyrics පහසුකම කැනඩාව, ඉන්දුනීසියාව සහ මෙක්සිකෝව යන රටවල් සඳහා පරීක්ෂා කිරීමට කටයුතු කරන ලද අතර දැන් ලොව පුරා රටවල් 26ක් සඳහා real-time lyrics පහසුකමක් එකතු කිරිමට Spotify ආයතනය කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

මෙම real-time lyrics පහසුකම Musixmatch හරහා බලගැන්වෙන අතර මෙම පහසුකම හරහා lyrics automatically download කරගැනීමෙන් අනතුරුව player UI එකෙහි මෙන්ම lockscreen එකෙහිද මේ lyrics පෙන්වීමට හැකියාව ලබාදෙනවා.

Spotify වලට ලබාදී ඇති මේ අලුත් real-time lyrics පහසුකම player UI එක scroll down කිරීමෙන් සොයාගැනීමට හැකියාව ලැබනු ඇති අතර එය සාමාන්‍යයෙන් Genius මගින් බල ගැන්වෙන Behind the Lyrics හෝ Storyline snippets  ඇති ස්ථානයයි.

මෙම විශේෂාංගය විවිධ භාෂාවන්ට සහය දක්වන අතර ගීතයේ භාෂාවෙන් lyrics ලබාදෙනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Spotify ආයතනය විසින් TechCrunch වෙබ් අඩවිය වෙත තහවුරු කර ඇත්තේ මෙම විශේෂාංගය ජුනි මස 30 වැනි දින වන විට පහත සඳහන් රටවල් වෙත ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අනුව Spotify සේවාවේ real-time lyrics පහසුකම ලබා ගත හැකි රටවල් ලැයිස්තුවට Argentina, Brazil, Bolivia, Chile, Colombia, Costa Rica, Dominican Republic, Ecuador, El Salvador, Guatemala, Honduras, Hong Kong, India, Indonesia, Malaysia, Mexico, Nicaragua, Panama, Paraguay, Peru, the Philippines, Singapore, Taiwan, Thailand, Uruguay සහ Vietnam ආදී රටවල් ඇතුළත් වෙනවා.

කැනඩාව beta testing group එකෙහි සිටියද stable release එක ලබා දෙන රටවල් අතරින් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ජපානය තුළ lyrics පහසුකම ක්‍රියාත්මක කිරීමට Spotify ආයතනය වෙනත් සේවා සැපයුම්කරුවෙකු භාවිතා කිරීමට සූදානම් වෙනවා.

Spotify ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ Musixmatch සමඟ ඇති ගෝලීය හවුල්කාරිත්වය හමුවේ ගීත සඳහා ලොව විශාලතම lyrics සහ translations ගබඩාව සිය පරිශීලකයින්ට ලබා දීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.