WhatsApp සඳහා Fingerprint authentication ක්‍රමය එකතු කිරීමට WhatsApp ආයතනය සූදානම් වන බව පසුගිය ජනවාරි මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

WhatsApp සඳහා Fingerprint authentication ක්‍රමය එකතු කිරීමට WhatsApp ආයතනය සූදානම් වෙයි
WhatsApp කියන්නේ මේ වන විට අපි හැමෝටම වගේ නැතුවම බැරි app එකක් බවට පත් වෙලාතිබෙන බව අමුතුවෙන් කියන්න වුවමනා වෙන්නේ නැහැ. ඒ වගේම මීට ගොඩ කාලයකට පෙර WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ සේවාවේ ආරක්ෂාව තහවුරුකිරීම සඳහා end-to-end encryption ක්‍රමයක් හඳුන්වා දුන්නා මතක ඇති. ඒ හරහා අපේmessages අපේ ග්‍රහණයෙන…

එමෙන්ම iOS පරිශීලකයන් හට පසුගිය පෙබරවාරි මාසය වන විට FaceID සහ TouchID භාවිතා කරමින් WhatsApp lock කිරීමේ හැකියාව ලබාදීමට ද මොවුන් කටයුතු කරනු ලැබූ නමුත් මේ වන තුරු Android පරිශීලකයන් හට එම පහසුකම නිකුත් කිරීමට කටයුතු කර තිබුණේ නැහැ.

Face ID හෝ Touch ID භාවිතා කරමින් WhatsApp lock කිරීමේ පහසුකම iOS භාවිතා කරන්නන් හට ලබා දෙයි
පසුගිය ජනවාරි 12 වැනිදා WhatsApp වලට fingerprint authentication ක්‍රමයක් එකතුකිරීමට WhatsApp ආයතනය සූදානම් වන බව[/whatsapp-for-android-may-soon-get-fingerprint-authentication/] ඔබව දැනුවත්කළා මතක ඇති. ඔන්න දැන් iOS මත WhatsApp භාවිතා කරන්නන් හට biometric ආරක්ෂක ක්‍රමවේද හරහා තමWhatsApp message…

මුලින්ම මෙම පහසුකම WhatsApp beta පරිශීලකයන් හට පමණක් සීමා කර තිබුණු නමුත් මේ වන විට පරීක්ෂා කිරීම් සියල්ල නිම කර සාමාන්‍යය WhatsApp පරිශීලකයන් හට මේ පහසුකම ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කර ඇති අතර Settings > Account > Privacy > Fingerprint lock හරහා ගොස් මෙය activate කරගත හැකි වෙනවා.

මේ fingerprint lock පහසුකම සක්‍රීය කළ විට ස්ව්‍යංක්‍රීයව lock කිරීමේ හැකියාව ආකාර තුනක් යටතේ තෝරාගත හැකි අතර Immediately යන්න තෝරාගතහොත් WhatsApp වලින් ඉවත් වූ විගසම lock වීම සිදු වන අතර after 1 minute හෝ after 30 minutes යන options තෝරාගතහොත් WhatsApp වලින් ඉවත් වී පිළිවෙලින් මිනිත්තුවකින් හෝ මිනිත්තු 30ක් ගත වූ විට lock වීම සිදු වෙනවා.

ඉන් පසුව WhatsApp වෙත පිවිසෙන සෑම අවස්ථාවකදීම ඒ සඳහා fingerprint පහසුකම භාවිතා කිරීමට සිදු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp Blog එක, The Verge වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.