ලොව පුරා ඉතාමත් ප්‍රසිද්ධියට පත් wearable company එකක්, එහෙමත් නැතිනම් fitness band වැනි පැළඳිය හැකි උපාංග නිෂ්පානය කරනු ලබන සමාගමක් වන Fitbit ආයතනය මිලදීගැනීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක මුදලකට මෙම ගණුදෙනුව සිදු කර ඇති අතර ඉදිරියේදී Wear OS එකෙහි වැඩිදියුණු කිරීම් සිදු කිරීමට හා Made by Google devices, එහෙමත් නැතනම් Google සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන devices අතරට smart watch සහ වෙනත් wearable devices එකතු වීමේ හැකියාව ලැබෙනු ඇති බව බොහෝ දෙනා බළාපොරොත්තු වෙනවා.

Fitbit to Be Acquired by Google
Fitbit, Inc. (NYSE: FIT) today announced that it has entered into a definitive agreement to be acquired by Google LLC for $7.35 per share in cash, valuing the company at a fully diluted equity value of approximately $2.1 billion. “More than 12 years ago, we set an audacious company vision – to make …

කොහොම නමුත් Fitbit සමාගම මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ මෙම ආයතනය Google සමාගම යටතට පත් වුවත්, තම පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු කිසිවක් Google සමාගමට ඔවුන්ගේ Ads පෙන්වීම සඳහා භාවිතා කිරීමේ හැකියාව ලබා නොදෙන බවයි.

මේ වන වි‍ෙ Apple Watch එකේ ඇති fitness integration එක සමඟ තරඟවැදීමට සමත් වන කිසිඳු Wear OS device එකක් නොමැති වුවත්, නුදුරු අනාගතයේදීම Google සමාගම විසින් මේ සමඟින් තරඟ කළ හැකි device එකක් එළිදක්වනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Fitbit වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.