WhatsApp සඳහා Fingerprint authentication ක්‍රමය එකතු කිරීමට WhatsApp ආයතනය සූදානම් වෙයි

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    WhatsApp කියන්නේ මේ වන විට අපි හැමෝටම වගේ නැතුවම බැරි app එකක් බවට පත් වෙලා තිබෙන බව අමුතුවෙන් කියන්න වුවමනා වෙන්නේ නැහැ.

    ඒ වගේම මීට ගොඩ කාලයකට පෙර WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ සේවාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා end-to-end encryption ක්‍රමයක් හඳුන්වා දුන්නා මතක ඇති. ඒ හරහා අපේ messages අපේ ග්‍රහණයෙන් ඉවතට ගිය පසු ඒවායේ ආරක්ෂාව සහතික කිරීමට සමත් වුණා.

    ඔන්න දැන් අපේ ලඟ තිබෙන messages වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා WhatsApp වෙතට Fingerprint authentication ක්‍රමය එකතු කිරීමට WhatsApp සමාගම සූදානම් වෙන බව දැනගන්නට ලැබෙනවා.

    මේ අනුව Android Marshmallow හෝ ඊට පසු Android සංස්කරණයක් භාවිතා කරන්නන් හට fingerprint authentication භාවිතා කිරීමට හැකියාව ලැබෙන අතර iOS භාවිතා කරන්නන් හට FaceID සහ TouchID පහසුකම භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.

    මීට අමතරව PIN සහ Password භාවිතා කිරීමේ හැකියාව ද ඇතුලත් කිරීමට නියමිත බව දැනගන්නට ලැබෙනවා.

    මෙම පහසුකම WhatsApp පරිශීලකයන් හට නිකුත් කිරීමට නියමිත දිනයක් පිළිබඳව නම් තවමත් දැනගන්නට ලැබෙන්නේ නැහැ.

    Updated:25/01/2019
    WhatsApp beta 2.19.3 සංස්කරණයේ මෙම පහසුකම ඇතුලත් නොවන බව අප සාමාජිකයෙකු විසින් පෙන්වා දීමෙන් අනතුරුව ඊට අදාල ලෙස ලිපිය යාවත්කාලීන කරන ලදී.
    මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, WA Beta Info වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.