මේ වන විට ලොව ජංගම දුරකථන වල performance මැනීම සඳහා භාවිතා වන apps අතරින් AnTuTu benchmark කියලා කියන්නේ ප්‍රසිද්ධම app එක කිවුවොතින් නිවැරදියි.

දැනට වෙළඳපොලට නිකුත් කර තිබෙන සෑම ජංගම දුරකථනයක්ම පාහේ මේ AnTuTu benchmark එක භාවිතා කරමින් පරීක්ෂාවට ලක් කර තිබෙන අතර පසුගිය OnePlus 6 ජංගම දුරකථනය මේ පරීක්ෂණ හමුවේ ලබාගත් ලකුණු ප්‍රමාණය වුණේ ලකුණු 298,011 ක්.

මේ වෙනකොට අපි හැමෝම දන්නවා OnePlus 6T එකේ අන්තර්ගත වෙන්නෙත් OnePlus 6 එකේ තිබුණු Snapdragon 845 chipset එකමයි කියලා. කොහොම වුණත් hardware ඒ තත්ත්වයෙන්ම තබාගෙන OnePlus 6T එක මේ පරීක්ෂණ වලදී ලකුණු 298,011ක් ලබාගෙන් ඉතාමත් ඉදිරියෙන් සිටීම පුදුමයට කාරණයක් වෙනවා.

පසුගිය මාසය වන විට මේ AnTuTu ranking වල තෙවන ස්ථානයේ සිටියේ OnePlus 6 ජංගම දුරකථනය වන අතර ඊට උඩින් Ausus ROG phone එක සහ Xiomi Black Shark ජංගම දුරකථනය සිටියා.

නමුත් OnePlus 6T ජංගම දුරකථනය නිකුත් වීමත් සමඟ එය‍ මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණීමට සමත් වන අතර මේ කරට-කර තරඟ කරන්නේ ලොව හොඳම mobile gaming සඳහා විශේෂයෙන්ම නිෂ්පාදනය කර ඇති ජංගම දුරකථන සමඟ වන බැවින් මෙය ඉතාමත් වැදගත්කමක් උසුලනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා gsmarena වෙබ් අඩවිය හා gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.