අපි හැමෝටම පොඩි කාලයේ දෙමව්පියන් විසින් කතන්දර කියලා දී ඇති බවට නම් සැකයක් නැහැ. නමුත් ඒ කතන්දර වලදී අපි අපේම මනෝ ලෝකයක අදාල කතාව මවාගත්තා විනා එයට සහයෝගය දක්වන්නට බාහිර යමක් ලැබුණේ කළාතුරකින්.

Google සමාගම Disney සමාගම සමඟ එකතු වී Google Home වෙත ගෙන ආ අලුත් පහසුකමක් ගැන තමයි මේ ප්‍රවෘත්තිය වාර්ථා වෙන්නේ. මේ අනුව Disney කතන්දර පොත් කියවන විට අදාල අවස්ථාවට ඔබින sound effects සහ music play කිරීමට මේ Google Home device එකට හැකියාව ලැබෙනවා.

මේ පහසුකම භාවිතා කිරීමට “Hey Google, let’s read along with Disney.” යන විධානය Google Home වෙත ලබා දිය යුතු වන අතර එවිට voice recognition තාක්ෂණය යටතේ අදාල කතන්දරයේ ඔබ සිටිනා ස්ථානය හඳුනාගැනීමට මේ Google Home එකට හැකියාව ලැබෙනවා. ඒ අනුව අදාල අවස්ථාවට අනුකූල music effects play කිරීමට එය කටයුතු කරනු ලබනවා.

එමෙන්ම යම්කිසි අවස්ථාවකදී කතන්දරයේ කොටසක් නැවත කියවන ලෙස ඔබේ දරුවා ඉල්ලා සිටියහොත්, ඔබ නැවත කතන්දරය කියවීමට පටන්ගත් විට එයට අදාල music effects නැවතත් play කිරීමට තරම් මේ Google Home එකට හැකියාව තිබෙනවා.

යම්කිසි අවස්ථාවක දරුවා විසින් නගන ලද අතුරු ප්‍රශ්නයකදී කතන්දරය මඳකට නවත්වන්නට වුවහොත්, එය හඳුනාගෙන ඒ අතරතුර කාලයේදී background music එකක් play කිරීමට ද මේ Google Home එක සමත් වන අතර පහත සඳහන් වන කතන්දර පොත් සඳහා මෙම පහසුකම භාවිතා කළ හැකි බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

Moana, Coco, Jack Jack Attack, The Three Little Pigs, Alice in Wonderland, Cinderella, Mickey Mouse and his Spaceship, Toy Story 3, Peter Pan, සහ Mickey’s Christmas Carol යන පොත් වලට මෙම පහසුකම දැනටමත් ලබා දී ඇති බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ disney වෙබ් අඩවිය හා theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.