2018 වර්ෂය අවසන් වී 2019 වර්ෂය උදාවීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණයි. ඉතින් මේ වසරේදී විවිධ සමාගම් විසින් හදුන්වා දුන් වසරේ සිත් ගත් Android Smartphones කිහිපයක් ඔබ වෙත යලි සිහිකිරීමට හිතුවා.

ඉතින් ඒ වගේම කිවයුතු යමක් තිබෙනවා. ඒ තමයි මේ ලෙස අප විසින් ඉදිරිපත් කරන මෙම Smartphones කිහිපය තෝරාගත්තේ scoring හෝ ranking ක්‍රමවේදයක් පදනම් ව නොවන අතර අපගේ අරමුණ වනුයේ මේ වසරේ බෙහෝ දෙනාගේ සිත් ගත් Smartphones කිහිපයක් ගැන විස්තර ඔබ වෙත ගෙන ඒමයි.

Huawei P20 Pro

ඉතාමත් හොඳ Camera Setup එකකින් සමන්විත Huawei P20 Pro ජංගම දුරකථනය බෙහෝ දෙනා මිලදී ගැනීමට ආස කරන smartphone එකක් කිව්වොත් නිව‍ැරදියි. පසුගිය මාර්තු මාසයේදී එලි දැක්වූ මෙය 40 MP, 20 MP හා 8 MP වශයෙන් කැමරා ත්‍රිත්වයකින් යුක්ත වෙනව‍ා. අදටත් DXO mark ranking වල average score එක 109ක් ලබාගෙන අංක එකේ Smart Phone camera එකට උරුමකම් කියන්නේ මේ Huawei P20 Pro ජංගම දුරකථනයයි.

Samsung Galaxy S9+

වසරේ මුල් භාගයේදී හදුන්වාදෙන Samsung Galaxy S9 Smartphones එක Samsung සමාගම විසින්ම හදුන්වා දුන් Galaxy S8 ජංගම දුරකථනයෙහි අඩුපාඩු මගහරවමින් software හා camera පහසුකම් වඩාත් දියුණු කරමින් වඩා හොඳ performance එකක් සහිතව හදුන්වාදෙනු ලැබූවක්. ඒ වගේම වඩාත් කාර්යයක්ෂම battery saving mode එකක් මෙහි දැක ගන්නට ලැබුණ බව ඔබට මතක ඇති.

Xiaomi Mi Mix 3

10 GB Ram එකක් හා Dual Selfie කැමරාවක් සහිතව හදුන්වාදුන් මේ ජංගම දුරකථනය ද බෙහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වූවා පමණක් නොව මෙය DXO mark වල score එක 103ක් ලබා ගනිමින් Samsung Galaxy Note 9 හා HTC U12+ සමග කරට කර සිටීමට සමත් වෙනවා. Xiaomi Mi Mix 3 පිළිබදව මීට කලින් විස්තරාත්මක ලිපියක් තුළින් ඔබ දැනුවත් කලා මතකයේ ඇති.

OnePlus 6T

ඉන්දියාවේ වැඩිපුරම විකිණෙන ජංගම දුරකථන brand එක ලෙස කිරුළ දරා සිටින OnePlus සමාගම In-display Finger print එකක් සමගින් හදුන්වා දුන් OnePlus 6T ජංගම දුරකථනය, OnePlus භාවිතා කරන්නන් අතර බෙහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් වුනා. ඒ වගේම 10GB Ram එකක් සමගින් පැමිණෙන McLaren Edition එක ගැනත් අප ඔබව දැනුවත් කලා මතකයේ ඇති. ඒ වගේම OnePlus 6T ජංගම දුරකථනය DxOMark හි score එක 97ක් ලබා ගනිමින් ranking වල 7 වන ස්ථානයේ රැඳී සිටීමට සමත් වෙනවා.

Google Pixel 3 XL

තනි පසුපස කැමරාවකින් හා ඉදිරිපස කැමරා ද්ව්ත්වයක් සහිතව පැමණි Google Pixel 3 XL Smartphone එක පිළිබදව මෙන්ම Pixel 3 Event එක පිළිබදව අපි ඔබව මීට කලින් දැනුවත් කළා මතක ඇති. එමෙන්ම මෙය DxOMark average score එක 101ක් වශයෙන් සටහන් කරමින් තනි camera එකකින් පමණක් ලබාගෙන තිබෙන හොඳම ලකුණු ප්‍රමාණය ලබා ගනිමින් iPhone XR එකට කරට කර සිටිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Android Community වෙබ් අඩවිය භාවිතා කළ හැක.