Xiaomi සමාගම විසින් ඔවුන්ගේ ජංගම දුරකථන සඳහා විශේෂිත වූ apps ගණනාවක්ම Google Play Store එකට නිකුත් කර තිබුණත්, ඒවායින් බොහෝමයක් apps ලබාගත හැකි වන්නේ Mi ජංගම දුරකථන සඳහා පමණක් වෙනවා.

කොහොම නමුත් ඔන්න දැන් ඔවුන්ගේ අලුත්ම app එක වන Mint Browser එක සෑම Android පරිශීලකයෙකු හටම ලබාගත හැකි ලෙස Google Play Store හරහා බෙදාහැරීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

මේ වන විටත් Android සඳහා Chrome, Firefox, UC Browser, Opera වැන web browser බොහොමයක් තිබුණත්, මේ අලුත් Browser එක සතුව විශේෂිත පහසුකම් කිහිපයක් අන්තර්ගත වෙනවා.

අඩු ආලෝක තත්ත්වයක් යටතේ අන්තර්ජාලය භාවිතා කරන විට ඉතාමත් වැදගත් වන Dark mode එකක් මෙයට ඇතුලත් වන අතර, ඕනෑම වෙබ් අඩවියක desktop version එක සහ iPhone, iPad වලට සැකසූ version එක මේ හරහා පරිශීලනය කිරීමට මේ Mint Browser එක භාවිතා කරන්නන් හට අවස්ථාව ලැබෙනවා.

එමෙන්ම Data saver එකක් මෙන්ම අනෙකුත් සියළු browser apps වල තිබෙන පොදු පහසුකම් සියල්ලක්ම පාහේ මෙය අන්තර්ගත වන අතර මේ අලුත් web browser එක 12MB පමණ විශාලත්වයකින් යුතු වෙනවා.

මෙම Browser එක හරහා ads නොපෙන්වීමට Xiaomi සමාගම මේ වන විට තීරණය කර ඇති බව දැනගන්නට ලැබුණත්, Mi ජංගම දුරකථන හා ඔවුන්ගේ Smart TV හරහා ද ads පෙන්වීමට කටයුතු කර තිබීම හේතුවෙන් ඔවුන් තම නිෂ්පාදන තුලින් ads පෙන්වීම පිළිබඳව නම ගිය ආයතනයක් වන බැවින් ඉදිරියේදී මෙයට ද ads එකතු කිරීමේ ප්‍රවණතාවයක් පවතිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Gadgets 360 වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැකි අතර Google Play Store හරහා මෙය download කරගැනීමේ හැකියාව තිබෙනවා.