මේ දින වල COVID-19 වසංගතය හේතුවෙන් බොහොමයක් දෙනා අන්තර්ජාලය සම්බන්ධ කරගෙන ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු කර ගැනීමට පුරුදු වී සිටින අතර නිවෙස්වලම රැදී සිටිමින් තම රාජකාරි කටයුතුවල නිරතවෙනවා.

තම ආයතනයේ දිනපතා හෝ සතිපතා පැවැත්වෙන meetings සඳහා සහභාගිවීම සඳහා බොහෝ ආයතන මේ වන විට Microsoft Teams, Zoom, Facebook Messenger Room වැනි සේවාවන් භාවිතා කිරීමට පෙළඹි ඇති අතර virtual meeting පැවැත්විමට හැකි ඉතාමත් හොඳ video conferencing platform එකක් විදියට Google සමාගම මගින් ඉදිරිපත් කරන Google Meet Platform එකද පෙන්වා දෙන්න පුළුවන්.

මේ දින වල වැඩි වශයෙන් අධ්‍යාපන ආයතන සහ ව්‍යාපාර ක්ෂේත්‍ර වල පවා Google meet සේවාව බොහෝ දෙනා භාවිතා කරනවා දැකගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම සේවාව Google Hangouts සේවාවෙහි කොටසක් වූ අතර Google meet සේවාව ඕනෑම කෙනෙකුට නොමිලේ ලබාදීමට Google සමාගම කටයුතු කරන බව අප මිට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති.

Google meet සේවාව ඕනෑම අයෙකු සඳහා නොමිලේ ලබාදීමට Google සමාගම කටයුතු කරයි
Google ආයතනය විසින් තමන්ගේ video conferencing සේවාවක් වන Google Meet[https://meet.google.com/]සේවාව G Suite හරහා ව්‍යාපාරික හා අධ්‍යාපනිකගනුදෙනුකරුවන් සදහා පමණක් ලබා දී තිබුණත් දැන් එය Google ගිණුමක් ඇති ඕනෑම අයෙකුටභාවිතා කිරීමට හැකියාව ලබාදී ඇත. මෙමගින් දැන් 100 දෙනෙකු දක්වා පිරිසක් time limit …

Google Meet වැඩ කරන්නේ කොහොමද ?

Video conferences

Google Meet Platform එකේ ප්‍රධාන අංගයක් ‍වන මෙය මඟින් පුද්ගලයන් අතර video chat එහෙමත් නැත්නම් video conferences පැවැත්වීමට ඉඩකඩ Google සමාගම විසින් සලසා දී ඇති අතර මෙය ඉතා පහසු ආකාරයට සිදුකිරීමට හැකියාව පවතිනවා.

ඔබ meeting එකක් ආරම්භ කර එහි share link එක යැවිම මඟින් අනිත් පුද්ගලයන්ට පහසුවෙන්ම අදාල video conferences එක සදහා join විමට හැකියාව පවතින අතර Google Meet දැන් ඔබේ G-mail Inbox එක හරහා ම ලබාදීමට Google සමාගම මේ වනවිට කටයුතු කර තිබෙනවා.

Presentations

විශේෂයෙන්ම presentation වලදී ඔබට team projects පහසුවෙන් share කර ගත හැකි අතර sharing option එක Zoom හි තරම් dynamic ආකරයට නොමැති නමුත් මෙහි තනි chrome tab එකක් share කිරීමට හැකියාව පැවතීම ප්‍රයෝජනවත් අංගයක් වෙනවා.

G Suite integration

G-Suite යනු Google ආයතනය විසින් Company සහ පාසල් වැනි ආයතනවල වැඩ කටයුතු online ආකාරයට පහසුවෙන් කර ගැනීම සඳහා හඳුන්වා දෙනු ලැබූ cloud based සේවාවක් වන අතර ඔබට domain name සහ Gmail, calendar, drive සහ meet වැනි වෙනත් G suite සේවාවන් වෙත ප්‍රවේශ වීමට මෙමඟින් හැකියාව ලැබෙනවා.

Background Noise cancellation පහසුකම

Google Meet සේවාවට Noice Cancellation පහසුකම G-Suite පරීශීලකයින් හට සහ සාමන්‍ය ගිණුම් ඇති  පරීශිලකයින් හට හඳුන්වාදීමට Google සමාගම විසින් මෑතකදී කටයුතු කර අතර මේ පිළිබඳව මිට පෙර අපි ඔබට ඉදිරිපත් කළා ඔබට මතක ඇති.

Google Meet වෙත Background Noise cancellation පහසුකම හඳුන්වාදීමට Google සමාගම කටයුතු කරයි
මේ වන විට ජනප්‍රිය වීඩියෝ communication සේවාවක් වන Google Meet සේවාව, Googleසමාගම විසින් හදුන්වා දෙන ලද්දේ 2017 වසරේදීයි. ඔන්න දැන්, මෙය හඳුන්වා දී වසර තුනකට පසු Google සමාගම විසින් Google Meet වෙත AIහැකියාවෙන් බලගැන්වෙන noise cancellation option එක හඳුන්වා දීමට කටයුතු කර තිබෙනබව වාර්ථා වෙනවා. …
Google meet සදහා කොපමණ මුදලක් ගෙවිය යුතුද ?

Google meet යනු G-Suite package එකෙහි එක් අංගයක් වන අතර මෙහි මිල ගණන් පිළිබඳව වැඩිදුර විස්තර ඔබට මෙයින් ලබාගත හැකිය.

Pricing Plans | G Suite
G Suite plans as low as $6 per user per month. Choose your plan and start using G Suite collaboration and productivity apps today.
Google meet හි මිල ගණන් පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම වෙබ් අඩවිය භාවිතා කළ හැක.

සාමාන්‍යයෙන් මසකට එක් පරිශීලකයෙකුට ඇමරිකානු ඩොලර් 6 කට ආසන්න මුදලකින් මෙහි පැකේජ ආරම්භ වන නමුත් මෙය 2020 මැයි මස සිට 2021 මාර්තු 31 දක්වා කාලය තුළ Google account එකක් ඇති ඕනෑම අයෙකුට free භාවිතා කිරීමට හැකියාව පවතිනවා.


Goole Meet ගැන තවත් විස්තර හෝ මේ වගේ වෙනත් සේවාවන් ගැන තවත් විස්තර ඔයත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.

මේ පිළිබඳ තවත් කරුණු pocket-lint වෙබ් අඩවියෙන් ද ලබාගත හැක.