සෑහෙන්න පිරිසකට කරන්න අපහසු කාර්යයක් තමයි සිංහල භාෂාවෙන් යතුරු ලියනය එහෙමත් නැත්තම් type setting කරන එක.

මේ නිසාම සිංහලෙන් ටයිප් සෙටින් කරන්න දන්න අයට ඉල්ලුමකුත් හැදිලා තියනවා. මේක තරමක් අපහසු වෙන්න ප්‍රධානතම හේතුව තමයි මේ වැඩේට ගැලපෙන user-friendly මෘදුකාංග සහ පලපුරුද්ද අඩුකම.

මේ ලිපියෙන් කියන්න හදන්නේ අපිට මේ හුරුව ලේසියෙන්ම ඇති කරගන්න පුලුවන් විදියට නිර්මාණය කරපු online tool එකක් ගැන.

ඕනෑම කෙනකුට කරන්න පුලුවන් දෙයක් තමයි කෙටි පනිවිඩ නැත්තම් SMS යවන එක. මේ SMS ගහන විදියටම සිංහල ටයිප් කරන්න පුලුවන් කිව්වොත් පුදුම හිතෙනවද? මේ tool එක SMS විදිහට භාවිතා කරන්න පුලුවන් වෙන්න නිර්මාණය කරපු එකක්. ඒ නිසා ඕන කෙනෙකුට පාවිච්චිය අපහසු වෙන්නේ නෑ.

පියවර 1: slunicodes.com වෙතට පිවිසෙන්න

පියවර 2: ඉහලින් ඇති කොටුව තුල SMS එකක් ටයිප් කරන ආකරයට ටයිප් කරන්න. අකුරක් ටයිප් කරන විදිය හොයාගන්න ඕනි නම් දකුණුපස ඇති Key Typing Hints වල උපකාරය ලබාගන්නත් පුලුවන්.

පියවර 3: දෙවැනි සහ තුන්වැනි කොටු වලින් සිංහල text ලබාගන්න. ඔබ මේ text පාවිච්චි කරන්නේ වෙබ් පිටුවකට වගේ දෙයකට නම් (ඒ කියන්නේ ඔබට ඕන Unicode format එකෙන් නම්) ඔබ ලබාගත යුත්තේ දෙවැනි කොටුවෙන් නැත්තම් unicode කොටසින් ලැබෙන text ටිකයි.

ඒ වගේම Adobe Photoshop හෝ Illustrator වැනි software එකකට පාවිච්චි කරන්න නම් ලබාගතයුත්තේ තුන්වෙනි කොටුවෙන් ලැබෙන text ටිකයි.

Sinhala Realtime Unicode Converter

මේක අවශ්‍යනම් Unicode Converter එකක් විදියටත් පාවිච්චි කරන්න පුලුවන්. දැනටමත් ඔබ සතුව unicode text එක තියනවා නම් ඒ text ටික දෙවැනි කොටුවට paste කිරීම මගින් 3 වැනි කොටුවෙන් sinhala font වලට අදාල විදිහට output එක ලබාන්න පුලුවන්.

ඇයි මේක විශේෂ?

  • මේක Sinhala Typing Tool එකක් විදියට වගේම unicode converter එකක් විදියටත් යන දෙවිදියටම භාවිතයට ගන්න පුලුවන්.
  • Realtime හැමදේම වෙනවා.
  • Unicode සහ Sinhala Font යන වර්ග දෙකටම support කරනවා.
  • Mobile responsive ආකාරයට හදලා තියෙන නිසා ඕනෑම device එකකින් පාවිච්චි කරන්න පුලුවන්.
  • Website එක load කරගත්තට පස්සේ අන්තර්ජාල පහසුකම නැතුව උනත් tool එක පාවිච්චි කරන්න පුලුවන්.
  • උදව්වට key words hints පාවිච්චි කරන්නත් පුලුවන්.
  • කිසිම app එකක් software එකක් පරිගනකයට හෝ ජන්ගම දුරකතනයට install කරගැනීමට අනවශ්‍ය වීම

ඉස්සර වගේ සිංහල ටයිප් කරන්න text convert කරගන්න web site දෙක තුනකට යන්න වුවමනා නැහැ. මේ tool එක නිසා එකම තැනකින් ඒ රාජකාරි දෙකතුනම කරගන්න පුලුවන්.

කුමන හෝ උදව්වක් ඕනි නම් හෝ වැඩි විස්තර අවශ්‍ය නම් SLunicodes Facebook පිටුවට පිවිසිලා ඒ අයට inbox message එකක් දාන්න. එහෙමත් නැත්තන් සයිට් එක ඇතුලෙම තියන comment area එකට තමන්ගේ වුවමනාව පැහැදිලි කරන්න පුලුවන්.

‍මේ වගේ සිංහලෙන් type කරන්න පුලුවන් තවත් tools ගැන විස්තර ඔයත් දන්නවා ඇති. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.