Cruptocurrency වලින් පළමුවැනි ස්ථානය Bitcoin වලට හිමිවන අතර මේ වන විට එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ Ethereum, එහෙමත් නැතිනම් Eth cryptocurrency එක බව ඔබ දන්නවා ඇති.

ඔන්න දැන් මේ Ethereum currency එකේ මීළඟ සංස්කරණය, ඒ කියන්නේ Ethereum 2.0 පොදු භාවිතයට නිකුත් කිරීමට නියමිත බව දැකගත හැකි වෙනවා.

ඉතින් මේ අලුත් cryptocurrency එකේ ප්‍රධාන වාසි මොනවාද, සහ Ethereum 2.0 ක්‍රියා කරන්නේ කොහොමද කියන එක ගැන වගේම, Blockchain පරිණාමයේ මෙම වැදගත් සන්ධිස්ථානය ගැන ඔබ දැනගත යුතු සියල්ල මෙම Post එකෙන් පැහැදිලි කරන්න අපි බළාපොරොත්තු වෙනවා.

Ethereum කියන්නේ මොකක්ද?

Cryptocurrency මාතෘකාවේදී ප්‍රධානම තැන ගන්නා Bitcoin එකට පසු ලොව විශාලත්වයෙන් දෙවැනි වූ Cryptocurrency එක වන්නේ Ethereum Coin එකයි. මේ ස්ථාන පිලිබඳ Coinmarketcap වෙබ් අඩවියෙන් දැක ගත හැකිවේ.

Home | ethereum.org
Ethereum is a global, decentralized platform for money and new kinds of applications. On Ethereum, you can write code that controls money, and build applications accessible anywhere in the world.

Proof-of-Work සහ Proof-of-Stake

අද වන විට Ethereum (වගේම Bitcoin) පවතින්නේ Proof-of-work (PoW) Blockchain එකක් ලෙසයි, එනම් miners ලා විසින් ඔවුන්ගේ පරිගණක වල තිබෙන බලය භාවිතා කර ගනුදෙනු වලංගු කිරීම සිදු කරයි. මේ සඳහා විද්‍යුත් ශක්තිය බෙහෙවින් වැයවන අතර ඔවුන්ගේ පරිගණක වල Hashrate අනුව ඔවුන්ට rewards ගෙවීමක් සිදුවේ.

මේ වන විට සියල්ලන්ගේ ම අවදානයට ලක්වී ඇත්තේ Bitcoin ජාලයේ සිදුවන අධික විදුලි පරිභෝජනයයි, මන් ද සාමන්‍යෙ PoW සංකල්පය සමග ක්‍රියාත්මක වන Bitcoin ජාලය ක්‍රියාත්මකවීමට ඉතාමත් විශාල විදුලි බලයක් වැය වීම මෙයට හේතුවයි.

මෙම ප්‍රශ්නයට විසඳුමක් ලෙස Ethereum Proof-of-Stake යන concept එක ගෙන එන අතර, Proof-of-stake මගින් ජාලයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට විදුලි බල ශක්තිය කැපකිරීම, මූල්‍ය කැපකිරීමක් ලෙස වෙනස් කරනු ලබනවා. එවිට විශාල ප්‍රමාණයක් වූ විදුලිය අපතේ යාමක් සිදු නොවන අතර තමන්ගේ මූල්‍යම දායකත්වය අනුව miners ලා හට rewards ලැබේ.

එහිදී miner කෙනෙක් validator කෙනෙක් ලෙස වෙනස් වන අතර ඔබට validator node එකක් වීමට අවශ්‍ය නම් Ether 32ක් තැම්පත් කර, validating software එක තම පරිගණකයක අඛන්ඩව ක්‍රියාත්මක කල යුතුයි. මේ සඳහා පෙර තිබූ Proof of Work ක්‍රමයේ ආකාරයට විශාල පරිගණක බලයක් අවශ්‍ය නොවන අතර සාමන්‍ය laptop පරිගණකයක් වුවත් ප්‍රමාණවත් වෙනවා.

Ethereum 2.0 කියන්නෙ මොකක්ද?

නමෙන් කියන විදිහයම Ether 2.0 කියන්නේ Ethereum වල දෙවෙනි සංස්කරණයයි. Ethereum 2.0 නිකුත්වීම සමඟ අප දකින එක් විශාල වෙනසක් නම්, එය Bitcoin සමඟ භාවිතා කරන සාමන්‍ය යාන්ත්‍රණයක් වන Proof-of Work mining වෙතින් වෙනස් වීමයි.

මෙහිදී Ethereum 2.0 සඳහා shards, එහෙමත් නැතිනම් database එකක් කොටස් වශයෙන් හැසිරවිය හැකි ක්‍රමවේදයක් භාවිතා කෙරෙනු ලැබෙන අතර, මේ concept එක නිසා Ethereum 2.0 වල ධාරිතාවය සැලකිය යුතු ඉහළ යෑමක් අපේක්ෂා කරන අතර අවසානයේ එයින් අදහස් කරන්නේ තත්පරයක් තුලදී වඩා වැඩි ගනුදෙනු ප්‍රමාණයක් හැසිරවිය හැකි වීමයි.

Blockchain තාක්‍ෂණ සමාගමක් වන ConsenSys ආයතනය පැහැදිලි කරන පරිදි Shard chain යන්න මෙසේ දැක්විය හැකිය:

“Each shard chain is like adding another lane to upgrade Ethereum from a single lane road to a multiple lane highway. More lanes and parallel processing leads to much higher throughput.”

Ethereum 2.0 නිකුත් කරන්නේ කවදාද?

Ethereum 2.0 එක රැයකින් සම්පූර්ණයෙන් වන upgrade එකක් නොවන අතර, එය සිදුවන්නේ අදියර (Phases) 3 ක ආකාරයෙනි.

අදියර 0: Beacon Chain එක

එය 2020 දී යම් අවස්ථාවක මෙය සිදුවීමට සැලසුම් කර ඇත. මෙය Beacon Chain ලෙස හැඳින්වෙන අතර Ethereum 2.0 හි මුල් අවධියේදී PoW mining සාමාන්‍ය පරිදි පවතිනු ඇති අතර ඒත් සමඟම PoS ආරම්භ වීම සිදුවීමට අදාල කයුතු සැකසීම සිදුවේ.

මෙම අදියරේ Beacon Chain එකේ ප්‍රධාන වගකීම නම් ETH Stake කරන සියල්ලන් Register කිරීම සහ Validate කිරීමයි. මෙය Shard Chain වල ආරම්භයට බෙහෙවින් වැදගත් වෙයි.

The Beacon Chain | ethereum.org
Learn about the beacon chain - the first major Eth2 upgrade to Ethereum.

අදියර 1: Shard Chains

එකිනෙකට සමාන්තර වූ Blockchain ආකාරයෙන් Shard Chains ක්‍රියාත්මක වෙයි. මෙලෙස සම්පූර්ණ Ethereum ජාලයේ ඇති Transaction Process කිරීම එකිනෙකට සමාන්තර වූ විට එහි කාර්‍යක්ෂමතාව වැඩිවේ. එනම් එකම අවස්තාවක transactions කිහිපයක් සිදු කළ හැකි වෙයි.

දැනට සියලු Ethereum Nodes (PoW miners) ලා විසින් Ethereum ජාලයේ සිදුවන සියලුම ගනුදෙනු විස්තර ලෙජරය තමන් ලඟ තබාගන්නා අතර අලුතෙන් trasaction block එකක් පැමිණි විට එය Process කර එයද සියලු node වෙත බෙදා හරියි. මේ හේතුව නිසා තත්පරයකට transactions පහලොවක් පමණ අඩු ප්‍රමාණයක් පමණක් සිදුවීම පුදුම වීමට කාරණාවක් නොවේ.

නමුත් Eth 2.0 වලදී එකිනෙකට සමාන්තරව ඇති Shards නිසා සියල්ලෝම සියලුම Transaction Validate කිරීමේ අවශ්‍යතාවක් සිදු නොවේ. මන්ද තීරු බොහොමයක් ඇති මාර්ගයක වුවද Validate කිරීම Color light ලෙස ගතහොත් එහිදී එක් මං තීරුවකට එක Signal එක බැගින් තිබුනොත් එහි කාර්‍යක්ශමතාවය වැඩිවන්නෙ කෙසේද එලෙසම මෙයත් සිදුවේ.

PoS යන ක්‍රමයේදී තමන් විසින් තැම්පත් කල Ether 32 ප්‍රමාණයට block reward එකක් ලැබේ. මෙම අදියර 1 හිදී Shards 64ක් පමණ අපේක්ෂා කරන අතර එය 2021 පමණ සිදුවිය හැකි බවත් අපේක්ෂිතයි.

අදිරයර 1.5: ප්‍රධාන ජාලයත් Shard එකක් බවට පත්වේ

මේ වන විටදී Ethereum MainNet එක නැතහොත් වර්තමාන ජාලය තවමත් PoW ආකාරයට ක්‍රියාතමක වෙයි. අදිරය 1.5 දී මෙම PoW සියල්ල PoS වලින් ක්‍රියාත්මක වීම ආරම්භ කරන අතර එවිට Mining කිරීම නතර වෙයි.

මෙය සාමාන්‍ය පාරිභෝගිකයන් හට සහ dApps (Decentralized Apps) භාවිතා කරන්නන් හට කිසිදු වෙනසකින් තොරව සිදුවේ. එනම් ඔබ දැනටමත් Ether වත්කමක් සහිත කෙනෙක් නම් ඔබගේ වර්තමාන මුදල් ඒ ආකාරයෙන්ම Ethereum 2.0 ජාලය වෙත යන අතර 2021 වසර මේ සඳහා අපේක්ෂිත කාලයයි.

මීට පෙර තිබූ Ethereum Mainnet එකේ වෙනස්කමකදී Ethereuem (ETH) සහ Ethereum Classic (ETC) ලෙස Coins දෙකක් බිහිවුණි.

නමුත් Fork වල ආකරයෙන් Eth2.0 හිදී පරණ ජාලයේ පැවති Coins වෙනත් Coin එකක් බවට හැරීම හෝ අලුත් 2.0 ජාලය සඳහා අලුත් Coin එකක් නිකුත් වීම සිදු නොවේ.

අදියර 2 : සම්පූර්ණ Shards

මේ වන විටදී Shards සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වනු ඇති බව බලාපොරොත්තු වෙයි. එමෙන්ම මෙහිදී සාමාන්‍ යtransaction වලට අමතරව smart contracts ක්‍රියාකාරීත්වයත් අදාල වෙයි.

Ethereum 2.0 වැදගත් ඇයි?

Ethereum සමඟ විශාල ප්‍රමාණයක් වූ developers ලා තමන්ගේ dApps සාදා තිබේ. Blockchain එක මත ඇති වැඩිපුරම Developments වලට භාවිතා වන ජාලය ද Ethereum ලෙස හැඳින්විය හැක. PoS මගින් එහි ඇති කාර්‍යක්ෂම තාවය, නිරවද්‍යතාවය හා ආරක්ෂාව වැඩි වන නිසා Smart Contract වලට සම්බන්ද බොහෝ කාර්‍ය වලට මෙය ප්‍රයෝජනවත් වෙයි. ඒත් සමඟම ලොව පුරා භාවිතාව තවත් පුළුල් කිරීමට ද පහසුකම ලැබෙයි.

මේ වන විට තිබෙන තත්පරයකට ගනුදෙනු 15ක් පමණක් වලංගු කීරීමේ සීමාව ද වැඩිවීම තවත් සැලකිල්ලට ගත යුතු කරුණකි. එමෙන්ම ධාරිතාව වැඩිවීමත් සමඟ ගනුදෙනුවක් සඳහා යන වියදම ද බෙහෙවින් අඩුවීමට හැකියාවක් ඇති වන නමුත් මෙම Upgrade එක වෙත ලඟා වෙන්න ලඟාවෙන්න වියදම වැඩිවන අතර එය miners ලා සඳහා වැදගත් ප්‍රවෘත්තියක් වේ.

මීට අමතරව Bitcoin වලට වඩා ඇති ප්‍රධාන වෙනස් කමක් නම් Bitcoin වල ඇති මිලියන 21 කට සීමිත වූ සැපයුම ලෙස Ethereum වලට උපරිම අගයක් නැති වීමයි. අප දන්නා එක් කාරණයක් නම් අලුත් Ethereum 2.0 නිකුත්වීමත් සමඟ වසරකට නිකුත් වන දැනට පවතින ETH මිලියන 4.7 ක අගය මිලියන 2කට පමණ අඩු වෙන බවයි.

Ethereum Launchpad

පසුගියදා Etheruem Launchpad හරහා නව Validator Nodes ලියාපදිංචිය ආරම්භ කිරීම සිදු වූ අතර මේ වන විට 16,357 ETH ප්‍රමාණයක් එකතු වී ඇති අතර දිගින් දිගටම එක් වේ. ETH2.0 ජාලය, ප්‍රධාන ජාලය වෙත සම්බන්ධ වීමට අවම වශයෙන් Etheruem 524,288 සහ Validators ලා 16,384 ක් සහභාගී විය යුතු වේ.

Eth2 Launch Pad
Become a validator and help secure Eth2.
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා Ethereum නිල වෙබ් අඩවිය, CoinDesk වෙබ් අඩවිය සහ Currency.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.