ජංගම දුරකථන වල තිරයෙන් Selfie කැමරාව සැඟවීම සඳහා කාලයක් තිස්සේ බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයින් වෙහෙසෙමින් සිටින අතර, එම අභියෝගය යම් ප්‍රමාණයකින් ජය ගැනීමට ZTE සමාගම සමත් වූ බව ඔබට මතක ඇති.

ZTE Axon 20 5G ජංගම දුරකථනය සමඟ Under display selfie කැමරා අත්දැකීම පලමු වරට ලබාදීමට ZTE සමාගම සමත් වුණා.

ලොව පළමු Under Display Camera තාක්ෂණය සහිත ජංගම දුරකථනය සැප්තැම්බර් 1 වැනි දින එළිදැක්වීමට ZTE සමාගම සූදානම් වෙයි
Under Display Camera තාක්ෂණය හා එය වැඩිදියුණු වන ආකාරය මෙන්ම Xiaomi[/xiaomi-under-screen-camera-patent/], Oppo[/oppo-unveils-the-worlds-first-under-screen-selfie-camera/], Samsung[/samsung-phone-with-under-display-camera-coming-next-year/] සහ Visionox[/in-display-selfie-camera-solution-is-now-in…

ZTE හැරුණු කොට මේ දක්වා කිසිදු ජංගම දුරකථන නිශ්පාදකයෙක් මෙම තාක්ෂණය සහිතව උපාංග වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කර නැති අතර, ඊට හේතුව වී තිබෙන්නේ තවමත් මෙම තාක්ෂණය 100% ක්ම පරිපූර්ණ වී නොතිබීමයි.

කොහොම උනත් ප්‍රසිද්ධ tipster කෙනෙකු වන Ice universe විසින් හෙළි කරන පරිදි, Samsung, Xiaomi, Oppo, Vivo, ZTE හා Meizu යන Andoid ජංගම දුරකථන නිශ්පාදකයින්, මෙම වසර අවසන් වීමට පෙර මෙම Under display camera තාක්ෂණය සහිතව උපාංග වෙළඳපොලට නිකුත් කරනු ඇති බව අනුමාන කෙරෙනවා.

මීට අමතරව Samsung හා Oppo යන නිශ්පාදකයින් විසින් සිය Upcoming folding device වලට හා Xiaomi සමාගම විසින් Mi Mix 4 සඳහා මෙම Selfie camera තාක්ෂණය ඇතුළත් කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

මීට අමතරව Vivo සමාගම විසින් ඔවුන්ගේ NEX 5 ජංගම දුරකථනයට වඩාත් වැඩිදියුණු කරන ලද under-display camera එකක් එකතු කිරීමට සූදානම් වන බව වාර්තා වන අතර, එය මෙම වසරේ දෙවන කාර්තුව ඇතුලත එළිදක්වනු ඇති බව අනුමාන කෙරෙනවා.

ZTE සමාගම විසින් වැඩිදියුණු කරන ලද Under Display Camera තාක්ෂණය හා 3D facial recognition තාක්ෂණය හඳුන්වා දෙයි
පසුගිය වසරේ නිකුත් කරන ලද ZTE Axon 20 5G දුරකථනය සමඟින් ලොව පළමු full screenඅත්දැකීම, එනම් punch hole හෝ notch වලින් බාධා නැති තිර අත්දැකීමක් සියපාරිභෝගිකයින්ට ලබා දෙන්නට ZTE සමාගම සමත් වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති. ලොව පළමු Under Display Camera තාක්ෂණය සහිත ජංගම දුරකථනය සැප්තැම්බර් 1 වැනි දිනඑ…

එමෙන්ම ZTE සමාගම ඔවුන්ගේ පැරණි Axon 20 ජංගම දුරකථනයේ අන්තර්ගත වූ under-display camera එකෙහි වැඩිදියුණු කරන ලද සංස්කරණයක් සමඟින් නැවතත් Axon 30 ජංගම දුරකථනය එළිදැක්වීමට සූදානමින් සිටින බව ද වාර්තා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ NDTV වෙබ් අඩවිය භාවිතා කළ හැක.