ඊයේ දිනයේ පැවැති Apple Spring Loaded event එක අතරතුරදී හඳුන්වාදුන් අලුත්ම iPad Pro මාදිලිය ගැන මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති. මේ ලිපිය හරහා එම event එක අතරතුරදීම එළිදැක්වීමට කටයුතු කළ අලුත්ම iMac මාදිලිය පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අපි සූදානමින් සිටිනවා.

Apple සමාගම විසින් අලුත් සිහින් පෙනුමක් මෙන්ම අලුත්ම වර්ණ 7ක් සමඟින් වෙළඳපොලට ඉදිරිපත් කරන මෙම අලුත් iMac එක, පිටතින් පමණක් නොව, chipset එකේ සිට පිටත පෙනුම දක්වාම redesign කිරීමට මෙවර ඔවුන් කටයුතු කර තිබෙනවා.

Introducing the new iMac 

Apple සමාගමේ අනෙකුත් පරිගණක මෙන්ම මෙවර iMac පරිගණකය ද Apple Silicon M1 chip එක මගින් බළගැන්වෙන අතර, අඟල් 24ක විශාල, නමුත් ඉතා සිහින් (11.5mm) 4.5K resolution එකක් සහිත display එකක් ද මෙයට අන්තර්ගත වෙනවා.

මෙවර iMac පරිගණකය නිර්මාණය කිරීමේදී Apple M1 chipset එක, එනම් SoC එකක් භාවිතා කිරීම නිසාවෙන් පෙර පරිදි වෙන වෙනම කොටස් එකතු කර නිර්මාණය කරන තරමේ ඉඩක් hardware සඳහා අවශ්‍යය නොවන බැවින් iMac එකෙහි ප්‍රමාණය 50%කින් පමණ අඩු කර ගැනීමට Apple සමාගමට හැකි වී තිබෙනවා.

එමෙන්ම අනෙකුත් පරිගණක වලින් වෙනස් වී, පරිශීලකයාගේ වටපිටාවට ගැලපෙන අයුරින් ඔහුගේ/ඇයගේ පරිගණකය මිලදීගැනීමට හැකියාව ලබාදීම සඳහා Green, yellow, orange, pink, purple, blue සහ silver ආදි වර්ණ 7කින් මෙම iMac පරිගණක වෙළඳපොලට ඉදිරිපත් කෙරෙනු ලැබෙනවා.

මීට සම්බන්ධ වන power cable එක පවා redesign කිරීමට Apple සමාගම කටයුතු කර ඇති අතර, මෙවර ලබාදී ඇති power connector එක magnet එකක් ආධාරයෙන් ඉතා පහසුවෙන්ම පරිගණකය සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව ලබාදෙනු ලබන අතර, පරිගණකයේ වර්ණයටම අදාල මීටර් 2ක දිගින් යුතු cable එකක් මේ සමඟින් ලැබෙනවා.

මීට අමතරව එම power connector එකට ethernet cable එක ද සම්බන්ධ කළ හැකි අතර, power connector එකේ සිට පරිගණකය දක්වා එකම cable එකක් හරහා power එක සහ ethernet සම්බන්ධතාවය රැගෙන යාමට එම cable එකට හැකියාව තිබෙනවා.

iMac පරිගණක සෑම විටම එහි ඇති display එක පිළිබඳව පැසසුමට ලක් වන බව ඔබ දැන්ටමත් දන්නවා ඇති. මෙවරත් මෙහි අන්තර්ගත වන අඟල් 24ක display එක, 4.5K resolution එකකින් යුතු වන අතර, pixel මිලියන 11.3කින් යුතු වෙනවා.

එමෙන්ම මෙම display එකේ ඇති True Tone technology එක නිසාවෙන්, පරිගණකය භාවිතා කරන පරිසරයේ ඇති color temperature එකට අනුව display එකේ color temperature එක ද ස්ව්‍යංක්‍රීයව වෙනස් කරගැනීමේ හැකියාව මේ අලුත් iMac එකට තිබෙනවා.

මේ අලුත් iMac පරිගණකය Apple Silicon M1 SoC එකකින් බළගැන්වෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගිය වසරේ මෙය එළිදැක්වූ අවස්ථාවේදී මේ chipset එක පිළිබඳව විස්තරාත්මක ලිපියක් ඔබ වෙත ගෙන ඒමට TechNews.LK කණ්ඩායම කටයුතු කරනු ලැබූවා.

Apple Silicon ‍family එකේ පළමු chipset එක වන M1 chip එක එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි
Apple සමාගම විසින් ඔවුන්ගේ One More Thing hardware event එක ඊයේ දිනයේ පැවැත්වීමටනියමිත වන බව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. Apple සමාගම විසින් ඔවුන්ගේ “One More Thing” event එක නොවැම්බර් 10 වැනි දිනපවත්වන බව නිවේදනය කරයිApple සමාගම විසින් නොවැම්බර් මස 10 වෙනිදා ශ්‍රී ලංකාවෙලා…

මෙම cores 8කින් සමන්විත් CPU එකකින්, තවත් cores 8කින් සමන්විත GPU එකක්, cores 16කින් සමන්විත Neural Engine එකක් සහ unified memory atchitecture එකකින් සමන්විත M1 chipset එක සමඟින් අලුත් iMac පරිගණකය භාවිතා කරමින්,

  • පැරණි මාදිලියට වඩා 85%ක් දක්වා CPU performance එකක් ලබාගත හැකි නිසා, පරිශීලකයින් හට අන් කවරදාකටත් වඩා වේගයෙන් iMovie හි video project export කිරීමට, Lightroom හි මෙගාපික්සල් 100ක පමණ දැවැන්ත ඡායාරූප සමඟ පහසුවෙන් වැඩ කිරීමට සහ ඉතාමත් සුළු කාලයකින් Xcode සමඟින් අලුත් apps compile කිරීමට හැකියාව ලැබෙනවා.
  • පැරණි iMac මාදිලි වලට වඩා මෙහි GPU performance එක 2x පමණ වේගවත් කර ඇති අතර real time rendering සහිත edits කිරීම වැනි කටයුතු වලදී මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.
  • Final Cut Pro හරහා එක frame එකක් වත් drop නොවී 4K video stream 5ක් එක වර හෝ එක් 8K video stream එකක් edit කිරීමේ හැකියාව ලැබෙනවා.
  • 16-core Neural Engine එක නිසාවෙන් machine learning apps සඳහා පැරණි මාදිලියට වඩා 3x වේගවත් ලෙස කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ දක්වා mac පරිගණකයකට ලබාදී තිබෙන හොඳම webcam එක, එනම් 1080p FaceTime HD camera එක මේ අලුත් iMac එක සතුව ඇති අතර, M1 chipset එකේ ඇති image signal processor එක සහ Neural Engine එක භාවිතා කරමින් ඉතාමත් අඩු ආලෝක තත්ත්වයක් යටතේ වුවත් සුපැහැදිලි video දර්ශන ලබාදීමට මෙයට හැකියාව තිබෙනවා.

View post on imgur.com

මීට අමතරව Apple සමාගම ප්‍රකාශ කරන පරිදි studio-quality microphone arrays ත්‍රිත්වයක් මේ අලුත් iMac පරිගණකය සතු වන අතර, ඒවා ස්ථානගත කර ඇති ආකාරය අනුව වටපිටාවෙන් නැගෙන ශබ්ධ filter කර පරිශීලකයා වෙත focus කර ඉතාමත් සුපැහැදිලි audio recording අත්දැකීමක් ලබාගැනීමට හැකියාව ලබා දෙනවා.

iMac පරිගණක ඉතිහාසයේ පළමු වතාවට Touch ID පහසුකම iMac වෙත ගෙන ඒමට ද Apple සමාගම කටයුතු කර ඇති අතර, මෙහි විශේෂත්වය වන්නේ Apple Magic Keyboard එක wireless ආකාරයට iMac පරිගණකය සමඟින් සම්බන්ධ වන බැවින්, wireless communication method එකක් හරහා ආරක්ෂිතව biometric දත්ත හුවමාරු කිරීමේ හැකියාව ලබාදී තිබීමයි.

මේ හරහා Mac පරිගණකය unlock කිරීමට අමතරව Apple Pay වැනි සේවාවන් භාවිතා කිරීමටත්, multiple user accounts අතර මාරු වීම සඳහා ඉතාමත් පහසු ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීමේ හැකියාවත් ලැබෙනවා.

මේ අලුත් iMac පරිගණකය Thunderbolt ports ද්විතවයකින් සමන්විත වන අතර, මේ හරහා super fast data transfer speed එකක් ලබාගත හැකි බවත්, Apple Pro Display XDR වැනි 6K දක්වා වන display භාවිතා කිරීමේ හැකියාව ලැබෙන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම USB-C ports ද්විත්වයක්, එක් Ethernet port එකක් (කලින් සඳහන් කළ ආකාරයට power adapter එක තුළ) සහ Wi-Fi 6 තාක්ෂණයෙන් ද මෙම පරිගණකය සමන්විත වෙනවා.

මෙහි 8GB RAM සහ 256GB SSD එකක් සහිත base model එකේ මිළ ඇමෙරිකානු ඩොළර් $1,299 සිට ආරම්භ වන අතර ඔබ ලබාගන්නා මාදිලිය අනුව විවිධ වර්ණ වලින් මිලදීගැනීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම high-end model එක $1,499ක සිට මිළ ආරම්භ වන අතර 16GB RAM එකක් සහ storage එක් 2TB දක්වා expand කිරීමේ හැකියාව පරිශීලකයාට හිමි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.