පසුගිය වසරේ නිකුත් කරන ලද ZTE Axon 20 5G දුරකථනය සමඟින් ලොව පළමු full screen අත්දැකීම, එනම් punch hole හෝ notch වලින් බාධා නැති තිර අත්දැකීමක් සිය පාරිභෝගිකයින්ට ලබා දෙන්නට ZTE සමාගම සමත් වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති.

ලොව පළමු Under Display Camera තාක්ෂණය සහිත ජංගම දුරකථනය සැප්තැම්බර් 1 වැනි දින එළිදැක්වීමට ZTE සමාගම සූදානම් වෙයි
Under Display Camera තාක්ෂණය හා එය වැඩිදියුණු වන ආකාරය මෙන්ම Xiaomi[/xiaomi-under-screen-camera-patent/], Oppo[/oppo-unveils-the-worlds-first-under-screen-selfie-camera/], Samsung[/samsung-phone-with-under-display-camera-coming-next-year/] සහ Visionox[/in-display-selfie-camera-solution-is-now-in…

කොහොම වුණත් මෙලෙස නිකුත් කෙරුණු පළමු Under display selfie කැමරාව පිළිබඳව 100% ක් ම සෑහීමකට පත් වීමට හැකියාවක් නොතිබුණු අතර ඊට හේතුව වූයේ, Display එක භාවිතා කරන ඇතැම් අවස්ථාවලදී Selfie කැමරාව ඇතුළත් කර ඇති ස්ථානය සැඟවීමට අපහසු වීමයි.

මේ නිසා Under display selfie කැමරා තාක්ෂණයේ වැඩිදියුණු කිරීමක් බොහෝ දෙනා අපේක්ෂා කළ අතර, දැන් ZTE සමාගම විසින් එයට යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ZTE හි නිල Weibo පිටුව වාර්තා කරන පරිදි Shanghai හි පැවති MWC 2021 event එක අතරතුරදී ZTE සමාගම විසින් සිය වැඩිදියුණු කරන ලද under display selfie කැමරා තාක්ෂණය හඳුන්වා දෙන ලද අතර එමඟින් කැමරාව පිහිටුවා ඇති ස්ථානයේ තිබෙන PPI අගය 200 සිට 400PPI ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

මෙම PPI අගය ඉහළ දැමීම මෙන්ම ZTE Axon 20 5G හි තිබූ 90hz refresh rate එක වෙනුවට මෙම නව වැඩිදියුණු කරන ලද තිරය 120hz refresh rate එකකට සහාය දක්වන අතර එම නිසා ප්‍රධාන තිරය තුළ තුළ වඩාත් දියුණු සහ පැහැදිලි දර්ශනයක් ලබා දෙන්නට මෙම නව තාක්ෂණය සමත් වෙනු ඇති බව ZTE සමාගම පෙන්වා දෙනවා.

මීට අමතරව ZTE සමාගම විසින් 2D මුහුණ හඳුනා ගැනීමේ තාක්ෂණය වෙනුවට 3D තාක්ෂණය හඳුන්වා දීමට ද කටයුතු කළ අතර එය 2D තාක්ෂණයට වඩා ශක්තිමත් හා ආරක්ෂිත Biometric තාක්‍ෂණයක් බවද ZTE සමාගම පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය සහ Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.