කාබන් විමෝචනය අවම කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන වසර 2040 වන විට සිය වාහන අලෙවිය සම්පූර්ණයෙන්ම EV (Electric Vehicle) සහ FCV (Fuel Cell Vehicles) වාහන වෙත යොමු කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙන බව එම සමාගම උපුටා දක්වමින් Engadget වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

ඒ අනුව Fully petrol වාහන වලට සමුදීමට Honda සමාගම තීරණය කර ඇති අතර, 2030 පමණ වන විට ලෝකයේ ප්‍රධාන වාහන වෙළෙඳ පොළවල් වල සිදුවන ගනුදෙනු වලින් 40% ක් EV සහ FCV වාහන සඳහා වෙනු ඇති අතර, 2035 වන විට එම අගය 80% ක් දක්වා වැඩි වෙනු ඇති බව Honda සමාගමේ අපේක්ෂාවයි.

මෙම දශකයේ අවසන් භාගයේ දී e:Architecture එක මත ගොඩනඟන ලද EV සහ FCV වාහන නිෂ්පාදනය සඳහා Honda සමාගම යොමුවෙනු ඇති අතර එම වාහන මුලින්ම උතුරු ඇමෙරිකානු වෙළෙඳ පොළ වෙත හඳුන්වා දී පසුව අනිත් රටවල් වෙත ව්‍යාප්ත කිරීමට නියමිතයි.

මේ අතර GM (General Motors) සමාගමේ නව Ultium බැටරි තාක්ෂණය ඇතුලත් කරමින් නව SUV මාදිලි දෙකක් නිෂ්පාදනය කිරීමට Honda සමාගම සූදානමින් සිටින අතර, එම මාදිලි 2024 වර්ෂයේ දී උතුරු ඇමරිකානු වෙළඳපොලට එකතු කිරීමට නියමිතයි.

New Electric Vehicle Battery Technology | General Motors
GM’s all-new modular platform and Ultium battery system will be the heartbeat of its all-electric future – making an electric vehicle available to everyone.

එමෙන්ම omnidirectional (360°) advanced driver-assistance system (ADAS) එකක් ද අනාගත EV සහ FCV වාහන වලට එකතු කිරීම සදහා Honda සමාගම සූදානම් වෙනවා.

Honda පමණක් නොව ලොව බොහෝ වාහන නිෂ්පාදකයින් මෙන්ම, ලෝකයේ බොහෝ දියුණු රටවල් ද මේ වන විට EV සඳහා වන සිය අනාගත සැලසුම් ඉදිරිපත් කර ඇති අතර, එම බොහෝ රටවල් මෙම සියවස අවසන් වීමට පෙර Petrol වාහන වලින් Electric වාහන වෙත සම්පූර්ණයෙන්ම මාරු වීමට නියමිතයි.

එය එසේ වුවත්, වාහන සඳහා අමුතුම ආකාරයේ වෙළෙඳපොළක් පවතින ශ්‍රී ලංකාව තුළ තවමත් Electric Vehicle සදහා නිවැරදි දැක්මක් සහිත අනාගත සැලසුමක් හෝ දැනට භාවිතා කෙරෙන Electric වාහන සඳහා පහසුකම් සැපයීම සඳහා නිසි ක්‍රමවේදයක් තවමත් දක්නට නොලැබීම කනගාටුදායක කරුණක් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Engadget වෙබ් අඩවිය සහ නිළ Honda Newsroom වෙබ් අඩවිය භාවිතා කළ හැක.