Samsung Wireless Charging Trio පිළිබඳව මීට පෙර ලිපියක් හරහා ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා මතක ඇති.

Samsung සමාගමේ නව Wireless Charger Pad Trio එකට එක වර devices තුනක් charge කළ හැකි බව වාර්ථා වෙයි
Samsung සමාගම විසින් මීට පෙර Wireless Charger Duo[https://www.samsung.com/us/mobile/mobile-accessories/phones/wireless-charger-duo-pad-black-ep-p5200tbegus/] යනුවෙන් එකවර devices දෙකක් ආරෝපණය කල හැකි wireless charging pad එකක් හඳුන්වාදීමටකටයුතු කර තිබුණා. එමෙන්ම මේ වන විට Samsung සමාගම විසින් 3-…

ඒ අනුව Samsung සමාගම විසින් සැප්තැම්බර් මස මුලදී පැවැත්වූ “Life Unstoppable” virtual event එක ඔස්සේ Galaxy Tab A7 සහ Galaxy Fit2 යන devices වලට අමතරව Wireless Charger Trio එකද නිවේදනය කිරීමට කටයුතු කරනු ලැබූ නමුත් එහිදී මෙම charging pad එක පිළිබඳව තොරතුරු කිසිවක් Samsung සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් මේ වන විට ජර්මනියේ සහ කොරියාවේ Samsung store pages වල මෙම Wireless Charging Trio එක ලැයිස්තුගත කර තිබෙනවා දැකගත හැකි අතර එමගින් මේ නව charging pad එකෙහි තොරතුරු කිහිපයක්ම අනාවරණය කර ගැනීමටද හැකියාව ලැබී තිබෙනවා.

Samsung Wireless Charging Trio එක කොටස් දෙකකට බෙදා ඇති අතර ඉන් විශාල ප්‍රදේශය මගින් fast wireless charging සඳහා සහාය දක්වන උපාංග ආරෝපණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම කුඩා ප්‍රදේශය මගින් Galaxy Watch 3 සහ අනෙකුත් supported watches ආරෝපණය කරගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම charging pad එක charging coils හයකින් සමන්විතව ඇති බැවින් ඔබගේ උපාංග charge කිරීමට උපාංගය පෙළගැස්වීමට අවශ්‍ය නොවන බව Samsung සමාගම පෙන්වා දෙනවා.

මේ හරහා Samsung දුරකථන 9W දක්වා වේගයෙන් ආරෝපණය කිරීමට හැකියාව ලැබෙන අතර, අනෙකුත් Qi devices 5W සඳහා ද, Apple නිෂ්පාදන 7.5W charging සඳහා ද සහාය දක්වනු ඇත.

පරිශීලකයන්ට අවශ්‍ය නම් ඔවුන්ගේ උපාංගයේ settings menu එක හරහා fast wireless charging පහසුකම අක්‍රිය කිරීමටද හැකියාව තිබෙනවා.

එමෙන්ම අදාල උපාංගවල ආරෝපණ තත්ත්වය පෙන්වීම සඳහා built-in LED indicators වලින්ද මෙය සමන්විත වෙනවා.

Samsung සමාගම පෙන්වා දෙන ආකාරයට පරිශීලකයින්ට LED indicators වල දීප්තිය වෙනස් කළ හැකි වන නමුත්, මෙම පහසුකම සහාය දක්වන්නේ Galaxy S10 series එකෙන් පසුව නිකුත් කරන උපාංග සඳහා පමණක් බව වාර්ථා වෙනවා.

Charger එකෙහි මතුපිට සිට charge කරන device එකෙහි මතුපිට අතර පරතරය 3 mm නොඉක්මවන තාක් පරිශීලකයින්ට ඔවුන්ගේ දුරකථන බාධාවකින් තොරව ආරෝපණය කළ හැකිවනු ඇති අතර ඔබට පහත දැක්වෙන පරිදි, Samsung case එකක් භාවිතා කළද බාධාවකින් තොරව ඔබගේ දුරකතනය ආරෝපණය කර ගැනීමට හැකියව පවතින බවද සඳහන් වෙනවා.

Samsung සමාගම පවසන්නේ ඝනකමින් වැඩි cases භාවිතා කිරීම මගින් දුරකතනය ආරෝපණය වීමට ලැබෙන watt ප්‍රමාණය තරමක් අඩුවීමට හැකියාව ඇති බව වන අතර, ඊට අමතරව තාපය වැඩිවීම නිසා ඔබගේ උපාංග ආරෝපණය කිරීමට ගතවන කාලය වැඩි වීමට හේතු විය හැකි බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.

එමෙන්ම මෙම wireless charger එක 25W PD wired charger එකක් සමගින් වෙළඳපොලට නිකුත් කරන බව Samsung සමාගම ප්‍රකාශ කරන අතර මෙම Charger එකෙහි 1-meter දිග cable එකක් ඇති බවත්, මෙහි බර 320g වන බවත්, ප්‍රමාණය 240 x 86 x 15.5 mm වන බවත් page එකෙහි සඳහන් වෙන නමුත් මෙහි මිල ගැන තවමත් කිසිඳු නිළ තොරතුරක් වාර්ථා වන්නේ නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය සහ GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.