පසුගියදා PUBG Mobile ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය විසින් පියවර ගත් බවට මින් පෙර ලිපියක් මගින් ඔබව දැනුවත් කළා මතක ඇති.

PUBG Mobile, APUS Launcher, Baidu ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කරයි
පසුගිය ජුනි මාසයේදී ඉන්දීය රජය විසින් TikTok ඇතුළු ප්‍රසිද්ධ චීන mobile apps59ක් තහනම් කිරීමට කටයුතු කළ අතර, ඉන් පසුව නැවතත් ජුලි මාසයේදී තවත් apps 47ක්තහනම් කිරීමට කටයුතු කරනු ලැබුවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාවතුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කට…

මෙම තහනම හේතුවෙන් app එකෙහි මුල් හිමිකරු මෙන්ම දකුණු කොරියානු සමාගමක් වන Blue Hole Studio ආයතනය විසින් ඉන්දියාව තුළ PUBG Mobile ක්‍රීඩාව බෙදා හැරීම සඳහා Tencent ආයතනය වෙත ලබා දී තිබූ බලපත්‍රය අවලංගු කිරීමටද කටයුතු කරනු ලැබුවා.

ඉන්දියාව තුළ PUBG Mobile හි අයිතිය Tencent Games ආයතනයෙන් ඉවත් කිරීමට PUBG Corporation එක කටයුතු කරයි
PUBG ඇතුළු තවත් චීන apps ගණනාවක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව තුළ තහනම්කිරීමට ඉන්දියානු රජය කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. PUBG Mobile, APUS Launcher, Baidu ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමටකටයුතු කරයිපසුගිය ජුනි මාසයේදී ඉන්දීය රජය විසින් TikTok ඇතුළු ප්‍රසිද්ධ චීන…

මේ වන විට Blue Hole Studio ආයතනය විසින් ඉන්දියානු telecom සමාගමක් වන Reliance Jio සමාගමත් සමඟ නැවත වරක් ඉන්දියාව තුළ PUBG Mobile ක්‍රීඩාව ආරම්භ කිරීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා.

Themrphone වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට, PUBG Mobile තහනමෙන් පසුව මෙම සාකච්ඡා ආරම්භ වූ අතර එය තවමත් මුල් අවධියේ පවතින බව ද වාර්තා වෙනවා.

මීට අමතරව, තවමත් දෙපාර්ශවයම ගනුදෙනුවේ විවිධ අංශ අධ්‍යයනය කරමින් සිටින බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

මෙම සාකච්ඡාව පිළිබඳව තවමත් නිළ ප්‍රකාශයක් ලබා දී නොමැති නමුත් Blue Hole Studio ආයතනය විසින් blog සටහනක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ PUBG Mobile app එක ඉන්දියාව තුළ unban කර ගැනීමට ඔවුන් කටයුතු කරන බවයි.

Tencent සමාගමත් සමඟ ඇති සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම app එක ඉන්දියාවේ තහනම් කර ඇති බැවින්, දේශීය බෙදාහරින්නෙකු සමඟ එකඟතාවයකට පැමිණීම මගින් බොහෝ විට මෙම තහනම ඉවත් කිරීමට හැකියාවක් තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GizmoChina වෙබ් අඩවිය සහ TheMrPhone වෙබ් අඩවිය භාවිතා කළ හැක.