පසුගියදා Apple සමාගම විසින් ඔවුන්ගේ iOS 14 සංස්කරණයේ stable version එකක් iPhone 6s සහ එයින් පසුව නිකුත් කළ සියළුම iPhone සඳහා නිකුත් කිරීමට කටයුතු කළ අතර, එහි ඇතුලත් වූ පහසුකම් අතරින් picture-in-picture mode එක ප්‍රධාන තැනක් හිමිකරගනු ලැබුවා.

Apple සමාගම විසින් iOS 14 සංස්කරණය සහ iPadOS 14 සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කරයි
පසුගිය ජුනි මාසයේදී පැවැත්වුණු WWDC 2020 event එක අතරතුරදී මුලින්ම Apple සමාගමවිසින් iOS 14 සහ iPadOS 14 සංස්කරණය පිළිබඳව තොරතුරු නිකුත් කිරීමට කටයුතු කරනුලැබූ බව ඔබට මතක ඇති. WWDC 2020 event එක අතරතුර Apple සමාගම විසින් එළිදැක්වූ වැදගත් දේවල් පිළිබඳවදැනගනිමුජුනි මස 22 වැනි දින Apple සමාගම විසින…

මේ picture-in-picture mode එක යනු වෙනත් කටයුත්තක් සිදු කරමින් සිටින අවස්ථාවකදී කුඩා window එකක් හරහා video එකක් නැරඹිය හැකි පහසුකමක් වන අතර ඒ පිළිබඳව අපි විස්තර වශයෙන් මෙම ලිපියෙහි සාකච්ඡා කර තිබෙනවා.

කොහොම නමුත් මේ වන විට Safari web browser එක භාවිතා කරමින් YouTube වෙබ් අඩවිය හරහා video නැරඹීමේදී මේ PIP පහසුකම අවහිර කිරීමට Google සමාගම කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

මීට හේතුව වන්නේ මේ PIP mode එක YouTube Premium සේවාව හරහා ලබාදෙනු ලබන පහසුකමක් වීම වන අතර දැනටමත් ඔබට YouTube Premium subscription එකක් ඇත්නම්, කිසිඳු බාධාවකින් තොරව එම පහසුකම භාවිතා කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා.

මීට අමතරව ප්‍රධාන YouTube වෙබ් අඩවිය හැර වෙනත් වෙබ් අඩවියක embed කර ඇති YouTube videos ද කිසිඳු බාධාවකින් තොරව මෙම PIP mode එක හරහා නැරඹීමේ හැකියාව තිබෙන බව MacRumors වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

එමෙන්ම ඔබ free user කෙනෙකු හෝ YouTube Premium පරිශීලකයෙකු වුවත්, iPad එකක් භාවිතා කරන්නේ නම් එහි පවතින Safari browser එක හරහා ද මෙම පහසුකම කිසිඳු බාධාවකින් තොරව භාවිතා කළ හැකි බව වාර්ථා වෙනවා.

කෙසේ නමුත් මේ පිළිබඳව Google සමාගම විසින් කිසිඳු ආකාරයක නිළ නිවේදනයක් හරහා තහවුරු කිරීමක් සිදු කර නොමැති අතර, මෙය හිතාමතා සිදු කරන ලද්දක් ද, එසේ නැතිනම් කිසියම් වූ දෝශයක් නිසා සිදු වුවක් ද යන්න පිළිබඳව තවමත් ගැටළුවක් පවතිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ MacRumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.