Samsung සමාගම විසින් මීට පෙර Wireless Charger Duo යනුවෙන් එකවර devices දෙකක් ආරෝපණය කල හැකි wireless charging pad එකක් හඳුන්වාදීමට කටයුතු කර තිබුණා.

එමෙන්ම මේ වන විට Samsung සමාගම විසින් 3-in-1 wireless charger එකක් ද හඳුන්වාදීමට සූදානම් වන බව වාර්තා වන අතර, මෙම නව gadget එක Samsung Wireless Charger Pad Trio ලෙස හැදින්වෙනු ඇති බව industry insider කෙනෙකු වන Evan Blass පෙන්වා දෙනවා.

ඔහු විසින් වැඩිදුරටත් මේ Wireless Charger Pad Trio එකේ official press render එකක් සිය Patreon page එකෙහි share කර තිබෙන අතර එම image එකෙහි දැක්වෙන්නේ විවිධ උපාංග තුනක් සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් සහිත තරමක් දිග charging pad එකකි.

එම image එක දෙස සමීපව බැලුවහොත්, ඔබට smartphone, smartwatch සහ earbuds ඇතුළු විවිධ වර්ගයේ උපාංග තුනක් සඳහා සංකේතද දැක ගැනීමට හැකියාව තිබෙන අතර USB-C හරහා සම්බන්ධ වන power brick එකක් ද ඡායාරූපයෙහි ඇති බව දැකගත හැකි වෙනවා.

Credits: Evan Blass

Samsung සමාගම විසින් මින් පෙර නිකුත් කල Wireless Charger Duo Pad එකෙහි ඔබගේ smartphone display එක පහසුවෙන් දැකගත හැකි වන පරිදි charging pad එක තරමක් angle කරගත හැකි නමුත් නව Wireless Charger Pad Trio එකෙහි පෙනෙන්නට තිබෙන්නේ පැතලි පෙනුමකි.

Samsung Wireless Charger Pad Trio මගින් අපේක්ෂා කළ යුතු දේ පිළිබඳ ඉඟි කිහිපයක්ම ලබා දී තිබුණත් එය සහාය වන්නේ කුමන Qi wireless charging profiles සඳහාද යන්න සහ එක් එක් උපාංගයට එකවර ආරෝපණය කළ හැක්කේ කෙසේද යන ගැටළු සඳහා තවමත් පැහැදිලි තොරතුරක් ලැබී නැත.

මෙවැනි 3-in-1 wireless chargers මේ වන විට අලුත් දෙයක් නොවන අතර පසුගිය මාසයේදී Samsung සමාගම විසින් wireless charging සඳහා සහාය දක්වන විවිධ උපාංග කිහිපයක්ම නිකුත් කිරීමත් සමඟ Samsung සමාගම විසින් නව wireless charger එකක් හදුන්වා දීම සඳහා කටයුතු කිරීම පුදුමයක් නොවේ.

AirPower wireless charger එක නිෂ්පාදනය කිරීම අතහැර දැමීමට Apple සමාගම තීරණය කරයි
2017 වර්ෂයේදී Apple සමාගම විසින් ඔවුන්ගේ AirPower කියන wireless charging mat එක[https://en.wikipedia.org/wiki/AirPower_(hardware)] එළිදක්වන්නට කටයුතු කළ නමුත්විවිධ තාක්ෂණික දුර්වලතාවයන් හේතුකොටගෙන එය නිෂ්පාදනය කිරීම ප්‍රමාද වෙමින් පැවතුණුබව ඔබ දකින්නට ඇති. එමෙන්ම මේ වසරේ ජනවාරි මාසය වන විට මේ Ai…

මේ ආකාරයේ devices කිහිපයක් එකවර charge කළ හැකි wireless charging pad එකක් නිර්මාණය කිරීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවත්, තාක්ෂණික ගැටළු නිසාවෙන් එම ව්‍යාපෘතිය අතහැර දැමීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා.

කෙසේ නමුත් wireless charging සඳහා සහාය දක්වන උපාංග කිහිපයක්ම භාවිතා කරන අය සඳහා මෙම wireless charging pad එක බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු ඇති නමුත් මෙයි නිකුත් කරනු ලබන දිනයක් පිළිබදව හෝ එහි මිල ගණන් පිළිබදව තවමත් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

Samsung සමාගම විසින් Galaxy Z Fold 2 දුරකතනය හඳුන්වාදීම සඳහා සැප්තැම්බර් 1 වැනි දින Unpacked event එකක් සැලසුම් කර ඇති බැවින්, ඇතැම් විට එම event එක අතරතුරදී මේ පිළිබඳව නිල තොරතුරු දැනගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ SamMobile වෙබ් අඩවිය භාවිතා කළ හැක.