තාක්ෂණික සමාගම් පුද්ගලික මූල්‍යකරණය වෙත අවධානය යොමු කිරීම දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා.

Apple සමාගම 2014 වසරේදී Apple Pay සේවාව හඳුන්වා දීමෙන් අනතුරුව එම සේවාවේම පුළුල් කිරීමක් ලෙස 2019 වසරේදී Apple Card ලෙස ඔවුන්ගේ නවතම Credit Card පතක්ද හඳුන්වා දෙන්නට කටයුතු කළ අතර Google සමාගමද තමන්ගේම Debit කාඩ්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවද අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

Apple Card එකට සමාන smart debit card (Google Card) එකක් එළිදැක්වීමට Google සමාගම සූදානම් වන ලකුණු
iPhone භාවිතා කරන්නන් හට Apple සමාගම විසින් ලබාදෙන Apple Card එක පිළිබඳව අපි ඔබවමීට පෙර දැනුවත් කළා මතක ඇති. Apple Card එක මීළඟ අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කරන ලකුණුiPhone භාවිතා කරන්නන් හට Credit card එකක් ලබා දීමට Apple සමාගම සූදානම් වන බව[/apple-wants-to-launch-a-credit-c…

මේ අතරට එකතු වීමට උත්සාහ කරනු ලබන මීළඟ ආයතනය වන්නේ Samsung ආයතනය වන අතර 2020 වර්ෂයේ අග හෝ 2021 වර්ෂයේ මුල් භාගයේදී ඔවුන්ගේ Samsung Pay සේවාව වෙනුවෙන් නව Debit Card එකක් නිකුත් කිරීමට සූදානමින් සිටින බව වාර්ථා වෙනවා.

The Next Innovation for Samsung Pay - Samsung US Newsroom
By Sang Ahn, Vice President and GM of Samsung Pay, North America Service Business, Samsung Electronics Now more than ever, people are counting on technology to help them make contactless payments, shop, and manage their finances without leaving the house. Samsung is here to help. Our mission is to

මේ අනුව Samsung වෙබ් අඩවිය පළ කරන ලද ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ Samsung සමාගම SoFi (Social Finance) ආයතනය සමඟ හවුල්ව “මුදල් කළමනාකරණ ගිණුමක්” භාවිතා කිරීමට සැලසුම් කර ඇති බවයි.

කොහොම නමුත් SoFi යනු බැංකුවක් නොවන නිසා, මුදල් ඇත්ත වශයෙන්ම තැන්පත් වීම සහ ගණුදෙනු වීම සිදු වන්නේ තවත් තෙවන පාර්ශවීය සමාගමක් වන WSFS Bank එක මගිනි.

මේ Samsung Pay සේවාව 2015 වසරේදී තෝරාගත් Galaxy devices කිහිපයක් සඳහා හදුන්වා දුන් අතර Magnetic Secure Transmission (MST) තාක්ෂණය ඔස්සේ payment සිදු කිරීමට මේ හරහා අවස්ථාව ලැබෙනවා.

මොවුන් එළිදැක්වීමට නියමිතව ඇති මේ නව Debit card පත හඳුන්වාදීමට සූදානම් වන්නේ Samsung Pay සේවාව සදහා වසර 5 ක් සැමරීම හේතුවෙනි.

Samsung, SoFi සහ අවසානයේ Wilmington Savings Fund Society වැනි ආයතනයන් කිහිපයක් හරහා සිදුවන මෙම ක්‍රියාවලිය තරමක් සංකීර්ණ කටයුත්තක් වනු ඇති බව බොහෝ දෙනා මත පළ කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-developers වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ Samsung News Room වෙබ් අඩවිය භාවිතා කළ හැක.