21 වන සියවස මුල් භාගයේදී අපිට Virtualization Technology එක ගැන දැනගන්න ලැබුනු අතර VMware විසින් මෙය මුලින්ම හඳුන්වා දීමෙන් අනතුරුව Virtual Servers නැතහොත් අපිට බහුලව අසන්නට ලැබෙන VMs අපිට ලැබෙන්නේ මෙම තාක්ෂණය මගිනි.

ඔන්න දැන්, Run:Ai ආයතනය විසින් මේ ක්‍රමයම GPU වලින් බළගැන්වෙන AI මෘදුකාංග ක්‍රියාත්මක කරවීම සඳහා යොදාගත හැකි ආකාරයක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙන බව TechCrunch වෙබ් අඩවිය වාර්ථා කරනවා.

සාමන්‍ය Software Program එකක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ CPU වුවද AI Applications ක්‍රියාත්මක කිරීමට GPU භාවිතය ප්‍රසිද්ධව ඇත්තේ ඒවා මගින් Deep Learning සහ Neural Networks Run කිරීමේ දී වැඩි process සංඛ්‍යාවක් එක වර සිදු කරගැනීමට ඇති හැකියාව නිසාවෙනුයි.

AI මෘදුකාංග විසින් තම වැඩකටයුතු සඳහා මෙම GPU භාවිතා කරන බැවින් Virtualization සංකල්පයම බොහෝ දියුණු කිරීම් වලින් පසු GPU Sharing තත්වයට රැගෙන ඒමට සමත් වී ඇත.

Run:AI - Virtualization and acceleration layer for deep learning
The world’s first AI virtualization layer for deep learning training models. By abstracting workloads from underlying infrastructure, Run:AI creates a shared pool of resources that can be dynamically provisioned, enabling full utilization of expensive GPU resources.

Data Science සහ AI කණ්ඩායම් වෙත තමන්ගේ වැඩසටහන් එකම GPU එකක් තුල ක්‍රියාකරවීමේ හැකියාව මෙමගින් ලබා දෙන අතර RUN:AI විසින් Kubernates මඟින් මෙම GPU Sharing පරිපාලනය කිරීම සිදුකළ හැකි ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා.

RUN:AI විසින් මෙම Virtualization Features, Docker Kubernaters Plugin එකක් ලෙස හඳුන්වා දීම හරහා docker වල ඇති portability features නිසාවෙන් workflows කලමණාකරණයද, පරිපාලනයද ඉතාමත් පහසු වන බව බොහෝ දෙනාගේ මතය වෙනවා.

එක තැනක තිබෙන GPU Server දෘඩාංග, මුලු කණ්ඩායමේම සිටින අයට පහසුවෙන් අවශ්‍ය වේලාවේදී, අවශ්‍ය පරිදි භාවිතාවට ගැනීම සඳහා මෙම උපක්‍රම භාවිතා වෙයි.

මෙම RUN:AI සමාගම 2008 දී ආරම්භ කලත් මේ වන විට ඩොලර් මිලියන 13කට වඩා මුදලක් උපයා ඇති ව්‍යාපරයක් බවට එහි නිර්මාතෘවරයෙකු වන Omri Geller පෙන්වා දෙන අතර ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ,

"අප සෑදූ Abstraction Layer එක මගින් Workloads සහ පරිගණක දෘඩාංග අතර ඇති හිඩැස වැසීමට අප සමත් වුනා. මෙම Abstraction Layer නිසා අපට සිය ගුණයකටත් වඩා වැඩි (100x) කාර්‍යකෂමතාවයකින් යුතු වැඩ කරගත හැකියාව තිබේ. ප්‍රධානම හේතුව Deep Learning සහ Neural networks සඳහා භාවිතා වන මුදල් සහ කාලය මෙම Distributed Resource Architecture එක මගින් ඉතුරු වීමයි."

මෙම ව්‍යාපාරය ඊශ්‍රායලයේ පිහිටුවා ඇති අතර ඇමරිකානුවන් ඇතුලුව 25 දෙනෙකුගෙන් යුත් සම්පූර්ණ කණ්ඩායමකින් යුක්තව ලොව පුරා බොහෝ පාරිභෝගිකයන් හට සේවා සපයනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Run:AI වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.