COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ Tokyo Game Show උත්සවය අවලංගු කර ඇති අතර ඒ වෙනුවට online event පැවැත්වීමට සැලසුම් කර තිබෙන එහි සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා.

2020 සැප්තැම්බර් 24 සිට 27 දක්වා මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ නමුත් පවතින වාතාවරණය හමුවේ සහභාගීවන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගැනීමට කටයුතු කළ බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

HOME | TOKYO GAME SHOW 2020
This website is is the official website of Tokyo Game Show 2020.Tokyo Game Show is the one of the largest video game exhibitionsin Asia, which the newly released games gather from all around the world.

1996 දී ආරම්භ අනතුරුව Tokyo Game Show උත්සවය අවලංගු කරන ලද පළමු අවස්ථාව මෙය වන නමුත් එම පුවත කිසිවෙකු පුදුමයට පත් නොකරන කරුණක් වන්නේ මේ වන විටත් Google I/O, E3 සහ Gamescom වැනි ලොව පුරා අනෙකුත් events ද මේ ආකාරයෙන් අවලංගු කිරීම හේතුවෙනි.

Tokyo Game Show event එකට මෙම වසරේ next-gen consoles වන PlayStation 5 සහ Xbox Series X නිකුත් කිරීමට පොරොතුව පැවැත්වීමට නියමිතව තිබුණු අවසාන gaming event එක මෙය වන නිසාවෙන් වන නමුත්, එම consols නිකුත් කිරීමට පෙර පෞද්ගලිකව ඇකගැනීමේ අවස්ථාව මේ තීරණයත් සමඟින් මඟහැරී යනු ඇත.

Microsoft සමාගම විසින් ඔවුන්ගේ Xbox Series X වලට අදාල online promotion කිරිමේ වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව වාර්ථා වන නමුත් Sony සමාගම PlayStation 5 වල ‍logo සහ specifications පමණක් නිකුත් කිරීමෙන් අනතුරුව තවමත් නිශ්ෂබ්ධව සිටින බවක් දැකගත හැකි වේ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Theverge වෙබ් අඩවිය සහ Gamesradar වෙබ් අඩවිය භාවිතා කළ හැක.