iPhone භාවිතා කරන්නන් හට Apple සමාගම විසින් ලබාදෙන Apple Card එක පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

Apple Card එක මීළඟ අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කරන ලකුණු
iPhone භාවිතා කරන්නන් හට Credit card එකක් ලබා දීමට Apple සමාගම සූදානම් වන බව[/apple-wants-to-launch-a-credit-card-for-iphone-users/] පසුගිය පෙබරවාරි මස අපිඔබව දැනුවත් කළ අතර, මාර්තු මාසයේ පැවති WWDC event එක අතරතුරදී ඒ බව සනාථ කිරීමටApple සමාගම කටයුතු කළා[/the-5-biggest-announcements-from-apples…

ඔන්න දැන් Google සමාගමත් මීට සමාන ඔවුන්ගේම branded card එකක් අත්හදාබලමින් පවතින බවට Tech Crunch වෙබ් අඩවිය තොරතුරු වාර්ථා කරනු ලබනවා.

Google සමාගමේ දැනට පවතින Google Pay සේවාව හරහා මේ වන විට හැකියාව ලැබෙන්නේ පරිශීලකයා සතුව ඇති card එකක් එම සේවාවට එකතු කොට ඒ හරහා අදාල online සහ peer-to-peer payment සිදු කිරීම පමණක් වන නමුත් එහි වැඩිදියුණු කිරීමක් ලෙස මේ අලුත් Google Card එක එළිදක්වනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම Apple සමාගම විසින් ලබාදෙනු ලබන Apple Card එක සම්පූර්ණ Credit Card එකක් වන නමුත් මේ Google Card එක Citi iy Stanford Federal Credit Union වැනි මූල්‍යය ආයතන විසින් ලබාදෙන (Visa) Debit Card එකක් වනු ඇති බව ද වාර්ථා වෙනවා.

Apple සමාගම විසින් ඔවුන්ගේ card එක භාවිතා කිරීම වෙනුවෙන් එම පරිශීලකයන් හට cash back offers ලබාදීමට කටයුතු කරනු ලබන නමුත්, මේ Google Card එකේ එවැනි කිසිඳු වාසිදායක දෙයක් පිළිබඳව නම් තවමත් තොරතුරක් වාර්ථා වන්නේ නැහැ.

2013 වර්ෂයේදී ද Google සමාගම විසින් ඔවුන්ගේ එවකට පැවති financial app එක වන Google Wallet සේවාවේ කොටසක් ලෙස Wallet Debit card එකක් හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවත්, එය 2016 වර්ෂයේදී අතහැර දැමීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම මේ වන තුරු Google සමාගම විසින් මේ පිළිබඳව නිළ නිවේදනයක් සිදු කර නොමැති අතර මේ ව්‍යාපෘතිය සාමාන්‍යය පරිශීලකයන් හට ලබා දෙන දිනයක් හෝ ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳව පවා තවමත් කිසිඳු නිළ තොරතුරුක් වාර්ථා වන්නේ නැහැ.

කොහොම නමුත් මේ පිළබඳව TechCrunch වෙබ් අඩවිය විසින් Google සමාගමෙන් විමසූ විට මෙය වැරදි ‍තොරතුරක් බවට සනාථ කිරීමක් ද සිදු කර නොමැති අතර වෙනත් sources දෙකක් හරහා මෙම තොරුතරු සනාථ කරගැනීමට ඔවුන් සමත් වී ඇති බැවින් බොහෝ විට මෙය නිවැරදි තොරතුරුක් බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය, 9to5Google වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.