පසුගිය අප්‍රේල් මාසයේදී Fortnite mobile game එක Google Play Store එකට එකතු කිරීමට Epic Games ආයතනය කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Fortnite mobile game එක දැන් Google Playstore හරහාද නිකුත් කිරීමට Epic ආයතනය කටයුතු කරයි
Fortnite [https://www.epicgames.com/fortnite/en-US/home] පළමුවරට Android[/tag/android/] වෙත නිකුත් වී දැනට මාස 18ක් පමණ ගතවී ඇති නමුත් මේ දක්වා එයGoogle Play store වෙතට එකතු කිරීමට නම් ඔවුන් කටයුතු කර තිබුණේ නැහැ. මින් පෙර එය download කර ගැනීමට හැකියාව තිබුනේ Epic Games Store[https://www.epicgames.com/fortnite/en-US/home…

කොහොම නමුත් මේ වන විට Google Play Store එක සහ Apple AppStore එක තුලින් මේ Fortnite game එක ඉවත් කිරීමට Apple සහ Google සමාගම් කටයුතු කර ඇති අතර, මෙයට ප්‍රධානතම හේතුව වන්නේ Epic Direct Payment නම් වූ payment method එක තම game එක තුලට එකතු කිරීමට Epic Games ආයතනය කටයුතු කිරීමයි.

Apple සමාගම තමන්ගේ App Store එක හරහා සිදු කරනු ලබන සෑම ගණුදෙනුවකදීම 30%ක කොමිස් මුලදක් ලබා ගැනීමට කටයුතු කරනු ලබන බවත්, Spotify ආයතනය විසින් මීට පෙර Apple සමාගමට විරුද්ධව නඩු පැවරීමටත් කටයුතු කළ බව අපි මීට කලින් කතා කළා මතක ඇති.

Spotify සමාගම විසින් Apple සමාගමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරයි
Apple සමාගම තමන්ගේ App Store එක හරහා සිදු කරනු ලබන සෑම ගණුදෙනුවකදීම 30%ක කොමිස්මුලදක් ලබා ගැනීමට කටයුතු කරනු ලබන බව අපි මීට කලින් කතා කළා[/epic-games-is-launching-a-mobile-game-store-in-2019/] මතක ඇති. මේ අනුව App Store එක [https://en.wikipedia.org/wiki/App_Store_(iOS)] හරහාමිලදීගන්නා ඕනෑම දෙයක්…

එමෙන්ම සෑම iOS App එකක් සඳහාම Apple සමාගමේ payment gateway එක සහ Google Play Store එක හරහා නිකුත් කරනු ලබන සෑම Android App එකකටම Google payment gateway එක හැරුණුකොට වෙනත් payment gateway එකක් භාවිතා කිරීමේ හැකියාව තහනම් කිරීමට මෙම ආයතන ද්විත්වයම කටයුතු කර ඇති නිසාවෙන්, developer වරුන් හට වෙනත් තෝරාගැනීමක් සිදු කිරීමට කිසිඳු හැකියාවක් ද ලැබෙන්නේ නැහැ.

මෙම ගැටළුව දෙස දෙආකාරයකින් බැලිය හැකි වන අතර, පළමුව මෙම app stores පවත්වාගෙන යෑමේදී paid apps වලට මෙන්ම free apps වලට වැය වන storage එක, internet bandwidth එක, ඒවායේ සේවය කරන සේවකයින් හට වේතන ලබාදීම මෙන්ම payment processing වැනි දේ සඳහා මුදල් අවශ්‍යය වන අතර ඒ සඳහා ඔවුන් සෑම transaction එකකින්ම 30%ක ප්‍රමාණයක් ඔවුන් වෙත ලබාගැනීමට කටයුතු කරනු ලබනවා.

අනෙක් අතට app develop කරනු ලබන ආයතන වලට ඔවුන්ගේ developer වරුන් හට වේතන ලබාදීම, marketing සහ promotional කටයුතු සඳහා මුදල් යෙදවීමට අමතරව events, social responsibility මෙන්ම අනෙකුත් කටයුතු සඳහා ද මුදල් වියදම් වන අතර මේ සියල්ල සඳහා ඔවුන් හට හිමිවන්නේ තමන් උපයාගනු ලබන මුදලින් 70%ක ප්‍රමාණයක් පමණයි.

මෙම වසර ආරම්භයේදී යුරෝපා සංගමය විසින් Apple AppStore එකේ Apple Pay ක්‍රියාකළාපයන් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කළ අතර මේ වන මේ සඳහා ප්‍රථමයෙන් සහභාගී වූ Spotify ආයතනයට අමතරව Epic Games, Match Group සහ Rakuten යන සමාගම ද සහභාගී වී තිබෙනවා.

මේ වන විට Google සහ Apple යන සමාගම් ද්විත්වයටම ඔවුන්ගේ ඒකාධිපතිත්වය පිළිබඳව මෙන්ම මෙම ක්‍රියාකලාපයන් වලට විරුද්ධව නඩු පැවරීමට Fortnite game එකේ නිර්මාණකරු වන Epic Games ආයතනය කටයුතු කර ඇති අතර #FreeFortnite යනුවෙන් campaign එකක් ද ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙහිදී පරිශීලකයින් ලෙස අපට වැදගත් වන කරුණු අතර iOS පරිශීලකයින් හට Fornite game එකේ අලුත් updates නොලැබී යනු ඇති අතර අලුතින් install කරගැනීමේ හැකියාව ද නොමැති වී යනවා.

එමෙන්ම යම්කිසි purchase එකක් සිදු කළ නමුත් මේ හේතුවෙන් එය access කළ නොහැකි නම්, ඒ සඳහා සෘජුවම refund එකක් සිදු කිරීමට Epic Games ආයතනයට හැකියාවක් නොමැති අතර, ඒ සඳහා සාමාන්‍යය Apple Support සේවාව භාවිතා කිරීමට සිදු වෙනවා.

ඔබ Android පරිශීලකයෙකු නම් ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය සහ Samsung Galaxy Store එක හරහා තවදුරටත් game එක download කරගැනීමේ හැකියාව පවතින අතර පසුගිය අප්‍රේල් මස Google Play Store වලට එකතු කිරීමට ප්‍රථමව ක්‍රියාතමක වූ ආකාරයෙන්ම ඉදිරියටත් එම කටයුතු සිදු වනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge 1, 2, 3, 4 වෙබ් අඩවිය සහ නිළ Epic Games Newsroom එක භාවිතා කළ හැක.