Apple සමාගම මේ දින වල ඔවුන්ගේ in-app purchases සඳහා බළ කරනු ලබන App Store නීති නිසාවෙන් ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර, පසුගිය දිනක මේ කාරණය මුල් කරගෙන ඇති වූ සිදුවීමක් නිසාවෙන් ප්‍රසිද්ධ mobile game එකක් වූ Fortnite, App Store එකෙන් ඉවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

Google Play Store සහ Apple App Store වෙතින් Fortnite තහනම් කිරීමට Google සහ Apple සමාගම් කටයුතු කරයි
පසුගිය අප්‍රේල් මාසයේදී Fortnite mobile game එක Google Play Store එකට එකතුකිරීමට Epic Games ආයතනය කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Fortnite mobile game එක දැන් Google Playstore හරහාද නිකුත් කිරීමට Epic ආයතනයකටයුතු කරයිFortnite [https://www.epicgames.com/fortnite/en-US/home] පළමුවරටAndro…

එමෙන්ම මේ ආකාරයෙන්ම නොමිලයේ ලබාදෙමින් තිබුණු WordPress app එකට ද in-app purchases එකතු කිරීම සඳහා එහි developer වූ Matt Mullenweg හට බළ කර ඇති අතර, මෙයට හේතුව වී තිබුණේ WordPress.com හරහා ලබාදෙනු ලබන premium subscriptions වලින් Apple සමාගමට ඔවුන්ගේ 30%ක කොමිස් මුදල ලබාගැනීමට නොහැකි වීමයි.

කොහ‍ොම නමුත් මේ වන විට මෙම තීරණය වෙනස් කරමින් WordPress app එකට නැවතත් 100%ක් free app එකක් ලෙස පවත්වාගෙන යෑමට ඉඩ දීමටත්, අදාල developer වරයාගෙන් ලිඛිතව සමාව ඉල්ලීමටත් Apple සමාගම කටයුතු කර තිබෙනවා.

We believe the issue with the WordPress app has been resolved. Since the developer removed the display of their service payment options from the app, it is now a free stand-alone app and does not have to offer in-app purchases. We have informed the developer and apologize for any confusion that we have caused.
~ Apple, Inc.

මීට පෙර අවස්ථ‍ාවකදී The Verge වෙබ් අඩවිය සමඟ පැවති සාකච්ඡාවකදී WordPress app එකේ developer වරයා විසින් ප්‍රකාශ කර ඇති ආකාරයට, දින 30ක් ඇතුලත in-app purchases (IAP) පහසුකම එකතු කිරීමට කටයුතු නොකළහොත් ඔහුගේ Apple Developer ගිණුම lock කර, WordPress app එකට updates ලබාදීම අවහිර කිරීමට කටයුතු කරනු ලබන බව Apple සමාගම විසින් ඔහුට දන්වා තිබෙනවා.

App Store නීති වලට අනුකූල වෙමින් WordPress premium plans පිළිබඳව සඳහන් වන සියළුම තොරතුරු app එකේ ඉවත් කිරීම හරහා නැවත මෙය free app එකක් ලෙස ලබාදීම වෙනුවෙන් සිදු කරනු ලැබූ ඉල්ලුම් කිරීම් ද ඉවත දැමීමට Apple සමාගම කටයුතු කර තිබුණි.

කොහොම නමුත් මේ වන විට ඔහුගේ නිළ Twitter ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ Apple සමාගම විසින් මෙම සිදුවීම නැවත review කිරීමට කටයුතු කර ඇති බවත්, in-app purchases පහසුකම WordPress app එකට ඇතුලත් කිරීම තවදුරටත් අවශ්‍යය නොවන බවත් ය.

මෙහිදී මෙම developer වරයාගේ දෙවන ඉල්ලීම වන Premium plans පිළිබඳව වන සියළුම තොරතුරු iOS app එකෙන් ඉවත් කිරීමේ යෝජනාවට Apple සමාගම අනුමැතිය ලබාදී ඇති අතර, එම තොරතුරු ඉවත් කිරීමෙන් පසුව නැවතත් WordPress iOS app එක free app එකක් ලෙස App Store හරහා ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, 9to5mac වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.