මීට පෙර Samsung සමාගම විසින් 600MP Camera Sensor එකක් නිපදවීමට අදහස් කරන බව ප්‍රකාශ කර සිටි කර සිටි අතර ඒ පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

මෙගාපික්සෙල් 600ක camera sensor එකක් නිර්මාණය කිරීමට Samsung සමාගම සූදානම් වෙයි
Camera sensor වැඩිදියුණු කිරීමේ හා නිශ්පාදනයේ පුරෝගාමියෙකු වන Samsung සමාගම ලොවපළමු 64MP camera sensor එක හා 108MP camera sensor එකක් නිශ්පාදනය කිරීමෙන්අනතුරුව එම Sensor මේ වන විට උපාංග සඳහා එක් කොට පාරිභෝගික භාවිතය සඳහා නිකුත් කොටද අවසානයි. ඒ ගැන වගේම 144MP අගයකින් යුත් camera sensor එකක් පිළිබ…

ප්‍රසිද්ධ Tipster කෙනෙක්, එහෙමත් නැතිනම් නිතරම මේ පිළිබඳව අවධානයෙන් තොරතුරු එකතු කරමින් ඒවා ප්‍රසිද්ධ කරනු ලබන්නෙකු වන Ice Universe විසින් weibo ඔස්සේ post එකක් share කරමින් කියා සිටියේ Samsung සමාගම මේ වසර අග 150MP Camera sensor එකක් එළිදැක්වීමට සූදානම් බවයි.

මෙම නව 150MP Sensor එක ජංගම දුරකථනයකට අන්තර්ගත කිරීමට කටයුතු කරනු ලබන පළමුවැනි ජංගම දුරකථන නිෂ්පාදකයා බවට Xiaomi සමාගම පත්වනු ඇති බවත්, 150MP ISOCELL සංවේදකය සහිත Xiaomi දුරකථනයක් මේ වසරේ සිව්වන කාර්තුවේදී එළිදක්වනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මීට අමතරව Samsung ආයතනය විසින් 250MP Camera sensor එකක් නිපදවීම සදහාද කටයුතු සූදානම් කර ඇති බවද වාර්ථා වෙනවා.

පසුගිය වසරේදී Mi CC9 Pro / Mi Note 10 හි Samsung 108MP ISOCELL Bright HMX Sensor එක භාවිතා කළ පළමු වෙළඳ නාමය Xiaomi වූ අතර ඒ අනුව Samsung ආයතනයේ මීළඟ high-resolution sensor එකද පළමු වරට Xiaomi device එකකින් ලැබෙනු ඇති බවට අනුමාන කිරීමට හැකිය.

මීට අමතරව OPPO සහ Vivo ද 2021 පළමු කාර්තුව වන විට 150MP ISOCELL කැමරා සංවේදකය සහිත දුරකථන නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවට කටකතා පවතී.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Central වෙබ් අඩවිය, Xiaomi Today වෙබ් අඩවිය සහ GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.