TikTok විසින් මේ දින වල parental controls පහසුකමක් වැඩි දියුණු කරමින් සිටින අතර එමඟින් දරුවන්ගේ ගිණුම් මත සීමාවන් පැනවීමට දෙමාපියන්ට ඉඩ සලසයි.

"Family Pairing" යනුවෙන් හැඳින්වෙන නව අංගය මඟින් දෙමව්පියන් හට තම දරුවන්ගේ TikTok ගිණුම් සමඟ සම්බන්ධ විමට ඉඩ සලසන අතර එහිදි Restricted content mode එක සක්‍රිය කිරීමට සහ screen time සීමාවන් නියම කිරීමට හැකිව පවති.‌

වයස අවුරුදු 13 ට අඩු පරිශීලකයින්ට දෙමාපියන්ගේ අවසරයකින් තොරව ලියාපදිංචි වීමට ඉඩ ලබා දීම හරහා දරුවන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව වන නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් 2019 පෙබරවාරි මාසයේදී TikTok සමාගමට Federal Trade Commission එකට ඩොලර් මිලියන 5.7 ක මුදලක් ගෙවීමට සිදු වීම මේ පහසුකම හඳුන්වා දීමට ප්‍රධානතම හේතුව වෙනවා.

TikTok සමාගම එතැන් සිට නීතියට අනුකූල වන පරිදි වෙනස්කම් සිදු කර ඇති අතර මෙම වසර මුලදී “Family Safety Mode” නමින් යුරෝපයීය රටවල් වලට නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

View post on imgur.com

මේ පහසුකම භාවිතා කිරීමට නම් දරුවාගේ TikTok app එකේ Degital Wellbeing තුල ඇතුලත් වන QR Code එක scan කිරීමට දෙමවුපියන් හට සිදු වන අතර ඇතැම් settings දරුවා විසින් වෙනස් කිරීම වැලැක්වීම සඳහා passcode එකක් ඇතුලත් කිරීමේ හැකියාව ද පවතිනවා.

ඉන් පසුව මේ හරහා TikTok app එක භාවිතා කරනු ලබන වේලාව, එනම් screen time එක සීමා කිරීමටත්, Direct Messages අවහිර කිරීමටත් මෙන්ම අනවශ්‍යය ආකාරයේ content නැරඹීමට ඇති හැකියාව අවහිර කර දැමීමටත් පහසුකම ලැබෙනවා.

  • Screen Time Management
    දිනක් ඇතුලතදී TikTok app එක මත ගත කළ හැකි කාළසීමාව මේ හරහා තීරණය කෙරෙනු ලබන අතර දරුවාට ඉතිරිව ඇති කාළසීමාව අනුව ඊට අදාල ලෙස නිර්මාණය කෙරුණු කෙටි වීඩියෝ පෙන්වීමට TikTok ආයතනය කටයුතු කරනු ලබනවා.
  • Restricted Mode
    මේ mode එක හරහා නොගැලපෙන content පෙන්වීම අවහිර කළ හැකි අතර Family Paring පහසුකම enable කර නොමැති වුවත්, Digital Wellbeing පහසුකම හරහා මෙය set කිරීමේ හැකියාව දෙමාපියන් හට ලැබෙනවා.
  • Direct Messages
    මේ හරහා අදාල account එකට messages එවිය හැකි පුද්ගලයන් සීමා කිරීම හෝ සම්පූර්ණයෙන්ම අවහිර කිරීම සිදු කිරීමේ හැකියාව ලැබෙනවා.

මේ නව විශේෂාංගය හඳුන්වාදීමට අමතරව මේ අප්‍රේල් මස 30 වැනි දින සිට වයස අවුරුදු 16 ට අඩු සියලුම පරිශීලකයින් සඳහා direct messages පහසුකම ලබා නොදීමටත් TikTok ආයතනය තීරණය කර තිබෙන බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ TikTok Newsroom වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය සහ TheVerge.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.