මේ දින වල පවතින තත්ත්වය හමුවේ ගොඩ දෙනෙක් තමන්ගේ නිවෙස් වලටම වී කාලය ගත කරනු ලබන අතර, බොහෝ දෙනෙකුට කරන්නේ කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් ද නොමැතිව කාලය හිස් දේවල් සඳහා යොදවනු දැකගන්න පුළුවන්.

‍මෙන්න මේ ගැටළුව විසඳමින් YouTube වල සිටින අධ්‍යයාපනික content නිර්මාණය කරන්නන් සමඟින් එකතු වී මේ ගත කරන කාලය ප්‍රයෝජනවත් ලෙස ගත කරන්නට අවශ්‍යය පහසුකම් සලස්වන්නට මේ වන විට YouTube සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා.

Learn@Home

පසුගිය මාර්තු 20 වැනි දින මේ වෙනුවෙන්ම වෙන් වුණු Learn @ Home වෙබ් අඩවිය එළිදක්වමින් ගණිතය, විද්‍යාව, ඉතිහාසය මෙන්ම කලා විෂයයන් පිළිබඳව content නිර්මාණය කරනු ලබන ප්‍රසිද්ධ YouTube channels එකම තැනකින් සොයාගැනීමේ හැකියාව ලබාදීමට මොවුන් කටයුතු කරනු ලැබුවා.

විශේෂයෙන්ම වයස අවුරුදු 13ට අඩු දරුවන් සිටින පවුල් වල දෙමව්පියන් සඳහා දරුවන් හා එකතු වී නැරඹිය හැකි, දරුවන්ගේ නිර්මාණශීලීත්වය මෙන්ම කුතුහලය වැඩිදියුණු කරනු ලබන videos මේ හරහා ඉතා පහසුවෙන් සොයාගත හැකි අතර ඊට අදාල ක්‍රියාකාරකම් නිවසේදී සිදු කළ හැකි බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

දැනට මේ වෙබ් අඩවිය ඉංග්‍රීසි භාශාවෙන් පමණක් ඉදිරිපත් කර තිබුණත්, ඉදිරියේදී එය ඉතාලි, ප්‍රංශ, කොරියානු, ස්පාඤ්ඤ මෙන්ම තවත් භාශා බොහෝමයක් මගින් ඉදිරිපත් කිරීමට YouTube ආයතනය බළාපොරොත්තු වෙනවා.

YouTube Learning Destination

YouTube Learning Destination section එක නිර්මාණය කර ඇත්තේ YouTube හි උසස් තත්ත්වයේ ඉගෙනුම් අන්තර්ගතයන් content, ඒ කියන්නේ ඉගෙන ගැනීම පිළිබඳව වන tips, ගෙදරදී අත්හදාබැලිය හැකි විද්‍යාත්මක පරීක්ෂණ, උපකරණ වැඩ කරන ආකාරය වගේ interesting දේවල් ගොඩක් මේ Learning Destination එක හරහා නරඹන්න පරිශීලකයන් හට අවස්ථාව ලැබෙනවා.

ඔබට YouTube Learning Destination වෙත පිවිසිමට youtube.com/learning වලින් හෝ, YouTube app එකට අලුතින් එකතු කල Explore section එක භාවිතා කරන්න පුළුවන්.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Youtube.googleblog.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.