Camera sensor වැඩිදියුණු කිරීමේ හා නිශ්පාදනයේ පුරෝගාමියෙකු වන Samsung සමාගම ලොව පළමු 64MP camera sensor එක හා 108MP camera sensor එකක් නිශ්පාදනය කිරීමෙන් අනතුරුව එම Sensor මේ වන විට උපාංග සඳහා එක් කොට පාරිභෝගික භාවිතය සඳහා නිකුත් කොට ද අවසානයි.

ඒ ගැන වගේම 144MP අගයකින් යුත් camera sensor එකක් පිළිබඳවත් අප ඔබව මීට පෙර දැනුවත් කර තිබෙනවා.

144 mega-pixel camera එකක් සහිත ජංගම දුරකථනයක් එළිදැක්වීමට Xiaomi සමාගම සූදානම් වන ලකුණු
Redmi Note 7 දුරකථනය සමඟින් ලොව පළමු 48 megapixel කැමරා සෙන්සරයක් සහිත දුරකථනයක්නිකුත් කරන්නට Xiaomi සමාගම සමත් වූ අතර පසුව 64 megapixel කැමරා සෙන්සරයක් සහිතRedmi Note 8 Pro ජංගම දුරකථනය නිකුත් කරන්නටද Xiaomi සමාගම සමත් උනා. පසුව Samsung සමාගම විසින් නිෂ්පාදනය කරන ලද 108 megapixel සෙන්සරයක් සහිත …

ඉහත සඳහන් කල සියලු camera sensor නිශ්පාදනය කරනු ලැබුවේ Samsung සමාගම වන අතර එහි තවත් අද්වතීය පියවරකට එළඹීමට ඔවුන් මේ වන විට සූදානම් වනවා.

ඒ 600MP ක තරම් විශාල විභේදනයකින් යුත් Camera Sensor එකක් නිශ්පාදන කිරීම සිය ඉලක්කය බව Samaung සමාගමේ Sensor Business Team හි විධායක නිලධාරී Yongin Park විසින් ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමඟයි.

[Editorial] Rivalling the Human Eye: How Samsung is Opening Up the Possibilities for Image Sensor Technology
Taking pictures or videos throughout the day has become part of our normal lifestyles and no longer done just to capture special events. Whip out your

මෙහි විශේෂත්වය වන්නේ මනුශ්‍ය ඇස මඟින් ග්‍රහණය කරගන්නා රූප රාමු වලටත් වඩා විභේදයක් මෙම Sensor එක සතු වන අතර විද්‍යාඥයෙකු හා ඡායාරූප ශිල්පියෙකු වන මහාචාර්ය Rogar Clark ට අනුව මිනිස් ඇසෙන් ග්‍රහණය කර ගන්නා රූප වල විභේදයනය 576MP ක් පමණ වනවා.

600MP තරම් විශාල Sensor එකක් samsung සමාගම විසින් නිෂ්පාදනය කළ ද එය Smart Phone වලට ඇතුලත් කිරීම දැඩි අභියෝගයක් වනු ඇති අතර මේ සඳහා එක් Pixel එකක විශාලත්වය තවත් අඩු කිරීමට සිදුවනු ඇති අතර දැනට ඇති කුඩාම pixel එකෙහි විශාලත්වය වන්නේ 0.8μm යි.

Samsung S20 Ultra ජංගම දුරකථනයේ ඇති ISOCELL Bright HM1 Sensor එක හා Mi Note 10 Pro ජංගම දුරකථනයේ ඇති ISOCELL Bright HMX යන Sensor වල එක Pixel එකක විශාලත්වය වන්නේ ඉහත සඳහන් කල 0.8μm යන අගයයි.

Samsung සමාගම දැනටම 0.7μm ක Pixel විශාලත්වයකින් යුත් Sensor එකක් හඳුන්වා දී ඇති අතර වාර්තා වන පරිදි මෙම 600MP Sensor එක Smart Phone එකකට යෙදීමට නම් Pixel එකක විශාලත්වය තවත් අඩු කල යුතු වනවා.

මේ නිසා Smartphone නොවන වෙනත් උපාංග වලට මෙම Sensor එක ඇතුළත් වීමට වැඩි ඉඩක් පවතින අතර Yogin Park මහතා විසින් මෙම Sensor එක නිකුත් කරන දින වකවානු ගැන සඳහන් කර නැතත් සැබවින්ම එය ඔබ අප සිතනවාට වඩා ඉක්මනින්ම එළිදැක්වෙනු ඇති බව අනුමාන කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung Newsroom වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය හා TechRadar වෙබ් අඩවිය භාවිතා කළ හැක.