Samsung සමාගමේ මීළඟ Unpacked Event එක පෙබරවාරි 11 පැවැත්වෙන බව අපි ඔබව දැනුවත් කලා මතක ඇති.

Samsung Unpacked 2020 event එක පෙබරවාරි මස 11 වැනි දින පැවැත්වීමට නියමිත බව නිවේදනය කරයි
Samsung Galaxy S11 ජංගම දුරකථනය Galaxy S20 යන නමින් හැඳින්වීමට Samsung සමාගමසූදානම් වන බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති. මීළඟ Samsung flagship device එක Galaxy S11 වෙනුවට Galaxy S20 ලෙස හැඳින්වීමටසූදානම් වන ලකුණු2020 වර්ෂයේදී නිකුත් කිරීමට සූදානමින් සිටින Samsung සමාගමේ මීළඟflagship device…

මේ event එක අතරතුරදී බොහෝ විට Samsung සමාගම විසින් foldable device එකක් නිකුත් කරනු ඇති බව බොහෝ දෙනා බළාපොරොත්තුවෙන් සිටින බව මේ වන විට නොරහසක්.

නම්‍යශීලී දුරකථන පරම්පරාවේ පළමුවැන්න Galaxy Fold ලෙස හැඳින්වූ නිසා බොහෝ දෙනෙකු සිතුවේ එහි මීළඟ පරම්පරාව Galaxy Fold 2 ලෙස නිකුත්වනු ඇති බව වුවත් වාර්තා වන පරිදි එය නිකුත් වන නාමය වන්නේ Galaxy Bloom යන්නයි.

මෙය සනාථ කිරීම සඳහා මේ පිළිබඳව තොරතුරු කතාබහ කෙරෙන රහසිගත රැස්වීමට සහභාගී වූ අයෙකු හදිසියෙන් ගනු ලැබූ නොපැහැදිලි  චායාරූපක් අන්තර්ජාලයට නිකුත් කොට තිබුනා.

මොවුන් විසින් මෙම නිෂ්පාදනය වයස විසි ගණන් වල පසුවන කාන්තාවන් ඉලක්ක කොට ප්‍රචාරණය සිදු කිරීමට සැලසුම් කර ඇති බව වාර්ථා වන අතර එය makeup kit එකක ප්‍රමාණයට සරිලන ලෙස නිර්මාණය කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.

Galaxy Fold මෙන් සිරස් අතට නොව හරස් අතට නැවිය හැකි ආකාරයට මෙය නිමවා තිබෙනවා. මෙය මීට පෙර අපි ඔබ වෙත තොරතුරු ගෙන ආ Motorola Razer නම්‍යශීලී දුරකථනය හැඩය සිහිගන්වනවා.

නම්‍යශීලී RAZR ජංගම දුරකථනයක් මෙම වසරේ අග වන විට එළිදැක්වීමට Motorola සමාගම සූදානම් වෙයි
Motorola RAZR යනු Motorola සමාගම සතු වූ වඩාත්ම කැපී පෙනෙන ජංගම දුරකථන වලින්එකක් වන අතර එය නිෂ්පාදනය කල කාලය තුළ ඒකක මිලියන 130 කට වඩා අලෙවි කිරීමට මොවුන්සමත් වී තිබුණා. කොහොම නමුත් CNET වෙබ් අඩවිය ප්‍රකාශ කරන ආකාරයට මේ සුප්‍රසිද්ධ ජංගම දුරකථනයනම්‍යශීලී ජංගම දුරකථනයක් ලෙසින් නැවතත් මෙම වසරේ අවසන…

Galaxy Bloom 8K වීඩියෝ Recording සඳහා සහාය දක්වන අතර 8K සඳහා සහාය දක්වන පළමු ජංගම දුරකථනය ද මෙය වනු ඇති. එමෙන්ම Galaxy Bloom  4G සහ 5G වශයෙන් මාදිලි ද්විත්වයකින් ද නිකුත් වනු ඇති බව වාර්ථා වෙනවා.

මීට පෙර Galaxy Fold 2 ලෙස වාර්ථා වුණු ජංගම දුරකථනය

මීට අමතරව, මීට පෙර අපි ඔබව දැනුවත් කල පරිදිම Samsung සෑම වසරකම  ආරම්භයේදී නිකුත් කරන ප්‍රධාන Galaxy S මාදිලියේ මීළඟ සංස්කරණය අනිවාර්යයෙන්ම S11 නොවන බව මෙම රැස්වීමේදී තහවුරු වී ඇති අතර පෙබරවාරි 11 දින නිකුත් කරන  S මාදිලියේ මීළඟ සංස්කරණයන් S20, S20+ සහ S20 Ultra ලෙස හැඳින්වේ.

මීළඟ Samsung flagship device එක Galaxy S11 වෙනුවට Galaxy S20 ලෙස හැඳින්වීමට සූදානම් වන ලකුණු
2020 වර්ෂයේදී නිකුත් කිරීමට සූදානමින් සිටින Samsung සමාගමේ මීළඟ flagship deviceඑක වන Samsung Galaxy S11 ජංගම දුරකථනය ගැන මේ වන විටත් ඔබ බොහෝ විස්තර දන්නවා ඇති. මේ ජංගම දුරකථනයට megapixel 108 ක camera එකක් සහ high refresh rate එකක් සහිතdisplay එකක් අන්තර්ගත වන බව අප දැනටමත් දන්නා අතර බොහෝ දෙනා විශ…

එමෙන්ම S20 Ultra සතුව 108mp පිටුපස ප්‍රධාන කැමරාවක් හා 100x Zooming හැකියාවක්ද ඇතුලත් වනු ඇති අතර මෙම මාදිලි තුනම 8K වීඩියෝ Recording සඳහා ද සහය දක්වනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.