පසුගිය නොවැම්බර් මාසයේදී Tesla සමාගම විසින් ඔවුන්ගේ Cybertruck එක එළිදැක්වීමත් සමඟින් බළාපොරොත්තු නොවුණ අයුරින් එයට ලැබුණු pre-orders ප්‍රමාණය පිළිබඳව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Tesla Cybertruck එක වෙනුවෙන් දැනටමත් preorders 200,000ක් ලැබී තිබෙන බව Elon Musk ප්‍රකාශ කරයි
Tesla සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම මෝටර් රථය වන Teslta cybertruck එක[https://www.tesla.com/cybertruck/] එළිදැක්වීමට පසුගියදා කටයුතු කරනු ලැබූ අතර එයලොව පුරා බොහෝ දෙනාගේ අවධානයට යොමු වූයේ අදාල එළිදැක්වීම අතරතුර සිදු වූ වීදුරුබිඳීයාමක් නිසාවෙනි. කොහොම වුණත් මේ වන විට රටවල් ගණනාවක් පුරාවට 200,000කට …

ඔන්න දැන් මේ Tesla සමාගමේ CEO වන Elon Musk විසින් Tesla මෝටර් රථ වලට නුදුරේදීම එකතු වීමට නියමිත අලුත් පහසුකමක් ගැන තොරතුරු අනාවරණය කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව නුදුරේදීම Tesla මෝටර් රථ හිමිකරුවන් හට අවශ්‍යය නම්, තමන්ගේ Tesla මෝටර් රථයට කතා කිරීමේ හැකියාව ලබාදීමට හැකි වනු ඇති බව ඔහු ප්‍රකාශ කරනවා.

“Teslas will soon talk to people if you want. This is real.” යනුවෙන් ඔහුගේ නිළ Twitter ගිණුම හරහා tweet එකක් පළ කරමින් මෙය තහවුරු කිරීම සඳහා කෙටි video එකක් ද එකතු කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

මෙහිදී සිදු වන්නේ මෝටර් රථය එහි හිමිකරුවා සමඟින් කතා කිරීමක් නොව, එයට පිටින් සිටින පදිකයන් සමඟින් කතා කිරීමක් බව අදාල video එක නැරඹූ විට ඔබට දැකගත හැකි වනු ඇත.

අදාල මෝටර් රථයේ හිමිකරු එය භාවිතා නොකරන අවස්ථාවකදී autonomous taxi එකක්, එනම් ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක වන Taxi සේවාවක් ලෙස තම මෝටර් රථය යෙදවීමට අනාගතයේදී මේ පහසුකම හරහා හැකියාව ලැබෙනු ඇති බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.