2020 වර්ෂයේදී නිකුත් කිරීමට සූදානමින් සිටින Samsung සමාගමේ මීළඟ flagship device එක වන Samsung Galaxy S11 ජංගම දුරකථනය ගැන මේ වන විටත් ඔබ බොහෝ විස්තර දන්නවා ඇති.

මේ ජංගම දුරකථනයට megapixel 108 ක camera එකක් සහ high refresh rate එකක් සහිත display එකක් අන්තර්ගත වන බව අප දැනටමත් දන්නා අතර බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙම ජංගම දුරකථනය ද Galaxy S 11, Galaxy S 11e සහ Galaxy S 11 + ලෙස සුපුරුදු පරිදි නම් කරනු ඇති බවයි.

කොහොම වුණත් මේ වන විට වාර්ථා වන තොරතුරු අනුව Samsung සමාගම විසින් මේ ජංගම දුරකථනය Galaxy S20 ලෙස වෙනස් කිරීමට සූදානම් වන බව අනුමාන කෙරෙන නමුත් මේ පිළිබඳව කිසිඳු අයුරකින් නිළ ප්‍රකාශයක් නිකුත් කිරීමට Samsung සමාගම කටයුතු කර නැහැ.

ඉහත සඳහන් වන Twitter ගිණුම් ද්විත්වයම බොහෝ විට විශ්වාසදායී තාක්ෂණික ඉඟි/අනාවැකි පළ කරන්නන් වන අතර බොහෝ අවස්ථාවන්හිදී මොවුන් ලබාදුන් තොරතුරු සත්‍යය වී තිබෙනවා.

මේ Tweets ද්විත්වය වෙන වෙනම ආයතන දෙකකින් නිකුත් කර ඇති අතර මේ තොරතුරු මත පදනම් ව XDA-Developers වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ Galaxy S20, Galaxy S20e සහ Galaxy S20+ ලෙස මීළඟ Samsung flagship lineup එක නම් කෙරෙනු ඇති බවයි.

එමෙන්ම මීට ඉහතදී Huawei සමාගම ද ඔවුන්ගේ Huawei P11 වෙනුවට Huawei P20 ලෙස අදාල ජංගම දුරකථනය නම් කිරීමට කටයුතු කළ බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

කොහොම නමුත් තවමත් මෙය කටකතාවක් පමණක් වන බවත්, මේ පිළිබඳව Samsung සමාගම විසින් කිසිඳු තහවුරු කිරීමක් සිදු කර නොමැති බවත් මතක තබාගත යුතු වන අතර තවත් මාස දෙකක පමණ කාලයකින් පැවැත්වීමට නියමිත Samsung Unpacked 2020 event එක අතරතුරදී මෙය තහවුරු කරගැනීමට අපට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.