CES, එහෙමත් නැතිනම් Consumer Electronics Show 2020 event එක මේ සතිය පුරාවට ඇමෙරිකාවේ Las Vegas වල පැවැත්වුණු අතර, මේ event එකට Twitter සමාගම ද සහභාගී වී තිබුණා.

ඊයේ දිනයේදී Twitter සමාගමේ ප්‍රධානියෙකු වන Suzanne Xie විසින් Twitter වලට ඉදිරියේදී එකතු වීමට නියමිත පහසුකම් කිහිපයක් පිළිබඳව විස්තර කිරීමට කටයුතු කළ අතර මේ අතරින් Tweets වලට reply කළ හැකි පුද්ගලයන් ප්‍රමාණය සීමා කිරීමේ හැකියාව කැපී පෙනෙන්නක් වුණා.

මේ වන විට අපි පළ කරනු ලබන Tweet එකකට, උදාහරණයක් ලෙස අදාල tweet එකේ tag කර සිටින පිරිසට පමණක් reply කළ හැකි ලෙස හෝ තමන් කැමති පිරිසකට පමණක් reply කිරීමේ අවස්ථාව ලබාදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

කො‍හොම නමුත් මේ අලුත් පහසුකම අනුව Global, Group, Panel සහ Statement යනුවෙන් options 4ක් හඳුන්වාදෙනු ලැබෙන අතර,

  • Global -මේ option එක තෝරාගත් විට අදාල Tweet එකට ඕනෑම කෙනෙකුට reply කිරීමේ අවස්ථාව හිමි වෙනවා. (ඒ කියන්නේ සාමාන්‍යය public tweet එකක්.)
  • Group - මේ option එක තෝරාගත් විට අදාල tweet එකේ tag කර සිටින පිරිස මෙන්ම තමන් follow කරනු ලබන පිරිසට reply කිරීමේ හැකියාව ලැබෙනවා.
  • Panel - මේ option එක තෝරාගත් විට අදාල Tweet එකට tag කරන පිරිසට පමණක් reply කළ හැකි වෙනවා.
  • Statement - මෙම option එක තෝරාගතහොත් කිසිවෙකුටත් අදාල tweet එකට reply කිරීමේ හැකියාවක් නොලැබෙන අතර එය statement එකක් ලෙස පළ වෙනු ලබනවා.

මේ වන විටත් මෙම පහසුකම අන්තර්ගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, මෙම වසර අවසාන වීමට පෙර ලොව පුරා සිටින සියළුම Twitter පරිශීලකයන් හට මෙය ලබාදීමට හැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.