නම්‍යශීලී RAZR ජංගම දුරකථනයක් මෙම වසරේ අග වන විට එළිදැක්වීමට Motorola සමාගම සූදානම් වෙයි

කතුවරයා
Varuna Prabhath
Save කරන්න
Share කරන්න

    Motorola RAZR යනු Motorola සමාගම සතු වූ වඩාත්ම කැපී පෙනෙන ජංගම දුරකථන වලින් එකක් වන අතර එය නිෂ්පාදනය කල කාලය තුළ ඒකක මිලියන 130 කට වඩා අලෙවි කිරීමට මොවුන් සමත් වී තිබුණා.

    කොහොම නමුත් CNET වෙබ් අඩවිය ප්‍රකාශ කරන ආකාරයට මේ සුප්‍රසිද්ධ ජංගම දුරකථනය නම්‍යශීලී ජංගම දුරකථනයක් ලෙසින් නැවතත් මෙම වසරේ අවසන් භාගයේදී එළිදැක්වීමට Motorola සමාගම සූදානම් වෙනවා.

    That Motorola Razr foldable will squeak out a debut before year’s end
    Scoop: The company initially eyed a summer launch date, but now it’s aiming for later in 2019, a source tells CNET.

    පසුගිය වසරේ පෙබරවාරි මස වාර්තා වූයේ Motorola One vision හා RAZR යන මාදිලි දෙකට Bluetooth Certificate එක ලැබුනු අතර අනතුරුව One vision දුරකතනය නිකුත් වූ නමුත් RAZR දුරකතනය නිකුත් වීම කල්ගත විය.

    මෙය නම්‍යශීලී තිරයකින් යුතු වීම මීට හේතු විය හැකි අතර දැනටමත් කරලියට පැමිණ ඇති නම්‍යශීලී තිර උපාංග වන Galaxy Fold ජංගම දුරකථනය ඇමෙරිකා‍ව ඇතුළු රටවල් කිහිපයක පමණක් අලෙවි කරනු ලබන අතර Huawei Mate X තවමත් පාරිභෝගිකයන්ට මිලදී ගැනීම සඳහා නිකුත් වී නොමැත.

    මෙය Qualcomm Snapdragon 710 Chipset එකකින් සහ 2730mAh බැටරියක් මගින් බල ගැන්වෙන අතර මිළ ඇමෙරිකානු ඩොලර් 1,500ක් පමණ වණු ඇති බව අනුමාන කෙරෙනවා.

    මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.