Samsung සමාගම විසින් Galaxy Unpacked event එක අතරතුරදී ඔවුන්ගේ Galaxy S10 5G සංස්කරණය එළිදක්වන විට එහි තිබෙන හෝ අලුතින් එකතුවීමට නියමිත පහසුකම් ගැන වැඩි විස්තරයක් ඉදිරිපත් කිරීමට කටයුතු නොකළ බව ඔබට මතක ඇති.

Galaxy Fold එකේ සිට Galaxy Buds දක්වා Samsung Unpacked 2019 Event එකේ වැදගත් එළිදැක්වීම් ගැන
ඊයේ දිනයේ පැවති Samsung Unpacked 2019 event එක අතරතුරදී Samsung සමාගම 2019 වර්ෂයසඳහා ඔවුන්ගේ ජංගම දුරකථන හා අනෙකුත් devices මාලාවක් හඳුන්වා දෙන්නට කටයුතු කළා. කවුරුත් බළාගෙන සිටි ඔවුන්ගේ ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය වන Galaxy Fold එක[https://www.samsung.com/global/galaxy/galaxy-fold/] මෙන්ම Sam…

කොහොම නමුත් මේ වන විට ඔවුන්ගේ OneUI 2.0 සංස්කරණය සමඟින් මේ Galaxy S10 5G ජංගම දුරකථනයට 3D Face Unlock තාක්ෂණය එකතු කිරීමට මොවුන් පියවර ගෙන ඇති බව වාර්ථා වෙනවා.

මූලිකව මෙම ජංගම දුරකථනය එළිදක්වන විට මීට අදාල hardware පහසුකම් සියල්ල එහි අන්තර්ගත කර තිබී ඇති නමුත්, ඊට අදාල software ඒ වන විට නිර්මාණය කර නොතිබීම හේතුවෙන් මේ පහසුකම පිළිබඳව ඔවුන් මීට පෙර නිවේදනය කර තිබුණේ නැහැ.

මීට පෙර Face Unlock පහසුකම දකින්නට ලැබුණත්, පරිශීලකයාගේ ඡායාරූපයක් පමණක් භාවිතා කරමින් අදාල ජංගම දුරකථනය unlock කිරීමේ හැකියාව තිබුණු බැවින් එය ඉතාමත් අනාරක්ෂිත පහසුකමක් වුණු අතර ‍මේ අලුත් hardware මත පදනම් වුණු වැඩිදියුණු කිරීමත් සමඟින් එම අනාරක්ෂිත තත්ත්වය ඉවත්ව ගොස් ආරක්ෂිත face unlock පහසුකමක් භාවිතා කිරීමට පරිශීලකයන් හට අවස්ථාව ලැබෙනවා.

කොහොම නමුත් මේ පහසුකම තවමත් සියළුම Galaxy S10 5G ජංගම දුරකථන වලට නිකුත් කර නොමැති අතර දැනට කොරියාවේ භාවිතා කරනු ලබන devices සඳහා පමණක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

Android Q සමඟින් One UI 2.0 සංස්කරණය නිකුත් කිරීමට Samsung සමාගම සූදානම් වෙයි
Samsung සමාගමේ මෘදුකාංග නිර්මාණ කලාවේ ප්‍රධාන වෙනසක් සිදු කිරීමට Galaxy S9 ජංගමදුරකථනය සමඟින් නිකුත් කළ One UI පරිශීලක අතුරුමුහුණත[https://en.wikipedia.org/wiki/One_UI] සමත් වූ අතර මීට පෙර තිබූ SamsungExperience [https://en.wikipedia.org/wiki/Samsung_Experience…

එමෙන්ම One UI 2.0 සංස්කරණය සමඟින් අනෙකුත් ප්‍රදේශ වලට ද මේ update එක ඉතාමත් ඉක්මණින් ලබාදීමට Samsung සමාගම කටයුතු කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, Android Central වෙබ් අඩවිය හා Sammobile වෙබ් අඩවිය භාවිතා කළ හැක.