ජනප්‍රිය චීන ජංගම දුරකථන නිෂ්පාදකයෙකු වන Oppo සමාගම විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වලට අන්තර්ගත කරනු ලබන ColorOS 7 සංස්කරණය නිකුත් කිරීමට මේ වන විට සූදානම් වෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් මස මෙහි 6 වැනි සංස්කරණය නිකුත් කිරීමට මොවුන් කටයුතු කළ අතර, මේ වසරේ ද නොවැම්බර් මාසයේ 20 වැනි දින මේ අලුත් සංස්කරණය නිකුත් කිරීමට Oppo සමාගම කටයුතු කරනු ලබන බව නිවේදනය කර තිබෙනවා.

චීනයේ බීජිං නුවරදි පැවැත්වෙන උත්සවයක් අතරතුර මේ සංස්කරණය එළිදැක්වීමට නියමිත වන අතර මේ නවතම සංස්කරණය Android 10 මත ගොඩනැගීම නිසාවෙන්, Android 10 සංස්කරණය විසින් ලබාදෙන පහසුකම් වන Dark Mode, Focus Mode ආදී විශේශාංග Oppo දුරකථන වලට හඳුන්වාදෙනු ලැබෙනවා.

ColorOS 7 සංස්කරණය ලැබෙන උපාංගවල සම්පූර්ණ ලැයිස්තුව නොවැම්බර් 20 වනදා ප්‍රකාශයට පත් කරනු ඇති නමුත් දැනටමත් Oppo Reno 10x සඳහා මෙය ලබාදෙන බව සමාගම තහවුරු කර තිබෙනවා.

Oppo වලට අමතරව, Realme ස්මාර්ට්ෆෝන් වලටද ColorOS 7 ද ලැබෙනු ඇති අතර එය Oppo උපාංග වලට වඩා වෙනස් වනු ඇත්තේ සාමාන්‍යයෙන් Realme දුරකථන වල Pure Android වලට ආසන්න මෙහෙයුම් පද්ධතියක් වීම නිසාවෙනුයි.

කෙසේ වෙතත් Realme සමාගම සිය නවතම ජංගම දුරකථනය වන Realme X Pro ඉන්දියානු වෙළඳපොලට නොවැම්බර් 20 වැනි දිනයේදී ම නිකුත් කිරීමට සැලසුම් කර ඇති නිසා මෙහිදී Color OS 7 හි Realme සංස්කරණයක් පිළිබඳව ද වැඩි විස්තර දැනගන්නට ලැබෙනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය හා Gizmochina වෙබ් අඩවිය භාවිතා කළ හැක.