Communication satellite network එකක් නිර්මාණය කිරීම හරහා මුලු ලොවටම අඩු මිලට අන්තර්ජාල සම්බන්ධතාව ලබාදීම වෙනුවෙන් චන්ද්‍රිකා 12,000ක් අභ්‍යාවකාශගත කිරීමේ Starlink ව්‍යාපෘතිය ගැන මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මුළු ලොවටම Internet ලබා දීම සඳහා SpaceX විසින් ගුවන්ගත කළ Starlink satellite වලින් 3ක පාලනය අහිමි වෙයි
Elon Musk [https://twitter.com/elonmusk] ගේ මූලිකත්වයෙන් SpaceX ආයතනය[https://en.wikipedia.org/wiki/SpaceX] විසින් Starlink ව්‍යාපෘතිය[https://en.wikipedia.org/wiki/Starlink_…

එම පුවත අනුව ඔවුන්ගේ ප්‍රථම චන්ද්‍රිකා 60 අභ්‍යාවකාශගත කිරීමට SpaceX සමාගම සමත් වී තිබුණු අතර මේ වන විට එහි මීළඟ පියවර ලෙස තවත් චන්ද්‍රිකා 60ක් අභ්‍යාවකාශගත කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා.

නොවැම්බර් මස 11 වැනි දින, එනම් අද දින ඔවුන්ගේ වේලාවෙන් (EST) 9:51ට Falcon 9 rocket එක භාවිතා කරමින් Cape Canaveral Air Force Station එකෙහි මෙම ගුවන්ගත කිරීම සිදු කිරීමට නියමිත වන අතර, මෙහි විශේෂත්වය වන්නේ මීට පෙර භාවිතා කරනු ලැබූ රොකට්ටුවක මුහුණත කොටස නැවත භාවිතා කරනු ලබන පළමු අවස්ථාව මෙය වන බැවිණි.

මේ ආකාරයේ එක් ගුවන්ගතකිරීමක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 62ක පමණ මුදලක් වැය වන බව වාර්ථා වන අතර මේ ගුවන්ගත කිරීමත් සමඟින් satellite 60ක් අභ්‍යාවකාශගත කිරීම සම්පූර්ණ වෙනවා.

කොහොම නමුත් අවම තත්ත්වයේ broadband coverage එකක් ලබාදීමට නම් අවම වශයෙන් චන්ද්‍රිකා 400ක් වත් අවශ්‍යය වන බවත්, සාමාන්‍යය තත්ත්වයේ network coverage එකක් ලබාදීමට නම් චන්ද්‍රිකා 800ක් පමණ අවශ්‍යය වන බවත් SpaceX ආයතනයේ CEO වන Elon Musk පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Space.com වෙබ් අඩවිය හා Digital Trends වෙබ් අඩවිය භාවිතා කළ හැක.