Samsung සමාගමේ මෘදුකාංග නිර්මාණ කලාවේ ප්‍රධාන වෙනසක් සිදු කිරීමට Galaxy S9 ජංගම දුරකථනය සමඟින් නිකුත් කළ One UI පරිශීලක අතුරුමුහුණත සමත් වූ අතර මීට පෙර තිබූ Samsung Experience හි ඇතුලත් වුණු සියළුම පහසුකම් මේ හරහා තවත් සංවිධානාත්මක අයුරකින් ඉදිරිපත් කිරීමට ඔවුන් සමත් වී තිබුණා.

එමෙන්ම Android Q වල stable සංස්කරණය නිකුත් කිරීමට මේ වන විට Google සමාගම සූදානමින් සිටින අතර, මේ Android Q update එකත් සමඟින් Samsung සමාගම විසින් ඔවුන්ගේ One UI 2.0 (දෙවැනි සංස්කරණය) නිකුත් කිරීමට සූදානමින් සිටින බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මීට අමතරව මීළඟ Galaxy S11 ජංගම දුරකථනයත් සමඟින් One UI 2.1 සංස්කරණය නිකුත් කිරීමට ද සැළසුම් කර ඇති බව Sammobile වෙබ් අඩවිය විසින් වාර්ථා කරනවා.

මේ One UI 2.0 වලට ආවේණික වූ පහසුකම් ගැන තවමත් නිළ තොරතුරක් වාර්ථා නොවන නමුත්, Android Q වල ඇතුලත් වන Digital Wellbeing පහසුකම, Focus Mode එක, Live Captions වැඩිදියුණු කළ permission controls වැනි ප්‍රධාන පහසුකම් මෙයට ඇතුලත් වනු ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Sammobile වෙබ් අඩවිය, Beebom වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.