YouTube channel වලට subscribe කර තිබුණත්, පරීශිලකයින් හට ඔවුන්ගේ ප්‍රියතම නාලිකා සජීවිව ඇති වේලාව සොයා ගැනීම අපහසු බව YouTube සමාගම විසින් හඳුනා ගෙන ඇති අතර ඔවුන් schedule කරනු ලැබූ live streams සහ premieres videos සොයා ගැනීමට පහසුවන නව පහසුකමක් මේ වන විට අත්හදා බලමින් සිටින බවට තොරතුරු වාර්ථා වෙනවා.

අලුතින් එක් කිරීමට යන මෙම නව විශේෂාංගය subscriptions tab එකකට එකතු විමට නියමිත අතර "Upcoming live and premieres" ලෙස එය හඳුන්වන බවට ද දැනගන්නට ලැබෙනවා.

මෙමඟින් subscriptions tab ‍එකෙහි මැතකදී නිකුත් වූ වීඩියෝ සුපුරුදු ආකාරයෙන්ම පෙන්නවන අතර පරිශීලකයින් subscribe කර ඇති channel වල ඉදිරියට පැමිණිමට නියමිත live streams සහ Premieres, subs feed එකක පෙන්වීමට කටයුතු කෙරෙනු ලැබෙනවා.

මෙම අලුතින් හඳුන්වාදීමට යන feed එකේ ප්‍රථමයෙන් පෙන්වනු ලබන්නේ මුලින්ම නිකුත් විමට සූදානම් කර ඇති live streams සහ premieres වන අතර පරිශීලකයන් හට අවශ්‍ය නම් සුපුරුදු පරිදී bell icon එක click කිරීම මගින් reminder එකක් set කිරීමට අවස්ථාව ලබාදී ති‍බෙනවා.

YouTube සමාගම විසින් desktop පරීශිලකයින් උපයෝගි කර ගෙන මෙහි පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවට වාර්ථා වන අතර මෙම විශේෂාංගය ඉදිරි මාස කිහිපය ඇතුලතදී නිකුත් විමට වැඩි ඉඩක් පවතින බව ද වාර්ථා වෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා නිළ YouTube Help වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කර හැක.