PUBG ඇතුළු තවත් චීන apps ගණනාවක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කටයුතු කළ බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

PUBG Mobile, APUS Launcher, Baidu ඇතුළු apps 118ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට කටයුතු කරයි
පසුගිය ජුනි මාසයේදී ඉන්දීය රජය විසින් TikTok ඇතුළු ප්‍රසිද්ධ චීන mobile apps59ක් තහනම් කිරීමට කටයුතු කළ අතර, ඉන් පසුව නැවතත් ජුලි මාසයේදී තවත් apps 47ක්තහනම් කිරීමට කටයුතු කරනු ලැබුවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් TikTok, Share It, UC Browser ඇතුලු apps 59 ක් ඉන්දියාවතුළ තහනම් කිරීමට ඉන්දියානු රජය කට…

මේ PUBG mobile game එක තහනම් කිරීමත් සමඟින් එහි publisher ලෙස කටයුතු කළ Tencent සමාගමට ඩොලර් බිලියන 34ක පමණ පාඩුවක් සිදු වූ බව වාර්ථා වෙන අතර, PUBG game එකේ හිමිකරු වන PUBG Corporation ආයතනය මේ වන විට මේ සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

මේ PUBG Corporation එක දකුණු කොරියානු සමාගමක් වන අතර, PC, Xbox සහ Playstation වැනි platform මත PUBG සඳහා වන බුද්ධිමය දේපල අයිතීන් හිමිව තිබෙන්නේ මේ සමාගමටයි.

Tencent ආයතනය චීන සමාගමක් වන අතර මේ PUBG game එකේ mobile version එක නිර්මාණය කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් මෙම ආයතනයට මේ දක්වා අවසර ලබාදීමට PUBG Corporation එක කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් පසුගියදා සිදු වුණු තහනම් කිරීමත් සමඟින් මේ වන විට PUBG සඳහා වන ප්‍රකාශන අයිතිය Tencent සමාගමෙන් ඉවත් කර, එය ප්‍රධාන ආයතනය වූ PUBG Corporation එක වෙත නැවත පවරාගැනීමට කටයුතු කර ඇති බව ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් PUBG Corporation ආයතනය පෙන්වා දෙනවා.

PUBG Corporation Responds to PUBG MOBILE’s India Ban
PUBG Corporation is actively monitoring the situation around the recent bans of PUBG MOBILE Nordic Map: Livik and PUBG MOBILE Lite in India. It has seen an overwhelming amount of…

ජාතික ආරක්ෂාව පිළිබඳව වන ඉන්දියානු නීතිරීති සඳහා මොවුන් ගරු කරනු ලබන බවත්, ඊට අනුකූලව නිර්මාණය කරනු ලබන PUBG Mobile සහ PUBG Mobile Lite යන games නැවත වරක් ඉන්දියාවට නීත්‍යානුකූල ලෙස ගෙන ඒමට ඔවුන් අදහස් කරනු ලබන බවත් PUBG Corporation එක වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

කෙසේ වුවත් මෙම නිවේදනය හරහා Tencent games ආයතනය සතු වූ publishing right එක, එහෙමත් නැති නම් ප්‍රකාශන අයිතිය අහෝසි කිරීම පිළිබඳව පමණක් සඳහන් වන අතර game එක develop කිරීම පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරක් වාර්ථා ‍කර නැහැ.

PUBG Mobile සහ PUBG Mobile Lite යන games ද්විත්වයම Tencent සමාගමේ උප සමාගමක් විසින් නිර්මාණය කරනු ලබන අතර ප්‍රකාශන අයිතිය අහෝසි කළ ද සැබෑ ලෙසම coding process එක සහ game එක වැඩිදියුණු කිරීමේ කටයුතු තවමත් Tencent ආයතනය විසින් සිදු කෙරෙනු ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ PUBG වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.