Player Unknown’s Battlegrounds එහෙමත් නැතිනම් PUBG කියන්නේ මේ වන විට ලොව පුරා උන්මාදයක් ලෙස පැතිර ගිය video game එකක් වන අතර ලංකාවේ ද මෙය ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

Xbox සඳහා වූ PUBG Beta සංස්කරණයෙහි මිළ නියම කර තිබුණේ ඇමෙරිකානු ඩොලර් 29.99ක් ලෙස වුවත් මේ වන විට Microsoft සමාගම විසින් ඔවුන්ගේ Xbox One console එක සඳහා මෙම game එක නොමිලයේ download කරගැනීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

මේ promotion එක සීමිත කාළසීමාවකට පමණක් වලංගු වන බව දැනගන්නට ලැබුණත්, ඔබත් Xbox One එකක හිමිකාරයෙක් නම් දැන් Microsoft Store එක හරහා මෙය download කරගැනීමේ හැකියාව තිබෙනවා.

මීට අමතරව Pro Evolution Soccer 2019 යන video game එක ද සීමිත කාළසීමාවක් සඳහා මේ ආකාරයෙන්ම නොමිලයේ ලබා දීමට ඔවුන් කටයුතු කර ඇති අතර එම ක්‍රීඩාව ද දැන් ඔබට Microsoft Store එක හරහා download කරගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

ලබන මාසයේදී Sony PlayStation 4 සඳහා PUBG ලබා දීමට නියමිතව තිබෙන අතර මේ වන විට මෙම ක්‍රීඩාව Xbox සඳහා නිකුත් වී වසරක පමණ කාලසීමාවක් ගතව තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Microsoft Store එක භාවිතා කළ හැක.