2018 වසර තවත් දින කීපයකින් ගෙවීයාමට නියමිත අතර ගෙවුණු වසරේ වැරදි අඩුපාඩු හදාගැනීම වගේම ඒ වසරේ වූ හොඳ මෙනෙහි කිරීමත් අප විසින් කළ යුතු දෙයක්.

ඔන්න මේ වසරේ Google Play Store එක හරහා වැඩියෙන්ම ජනප්‍රියත්වයට පත්වුණු Apps ගැන නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට මේ වන විට Google සමාගම කටයුතු කර තිබෙනවා.

එමෙන්ම "Fan Favorite" නමින් අළුත් category එකක් හදුන්වා දෙමින් තමන් කැමති games, apps සහ movies vote කිරීමේ හැකියාව ලබා දීම මේ වසරේ දැකගන්න ලැබුන තවත් සුවිශේෂි දෙයක්.

Fan Favorites of 2018

ඉතින් ඔන්න ඔය විදිහට මේ Fan Favorite category එක යටතේ වැඩිම දෙනෙක් Vote කරපු Game එක ලෙස අපි කවුරුත් ආසාවෙන් Play කරන PUBG Game එක මුල් තැන හිමිකර ගෙන තිබෙනවා. ඒ විතරක් නෙමෙයි Best Game of 2018 සම්මානයත් තමා සතු කර ගන්න PUBG Game එක සමත් වෙලා තියෙනවා.

වැඩිම දෙනෙක් කැමති App එක ලෙස Youtube TV App එකත් වැඩිම දෙනෙක් කැමත්තක් දක්වපු Movie එක ලෙස Infinity War movie එකත් තේරී පත්වෙලා තියෙනවා.

ඒ වගේම Play Store වෙතින් පිරිනමන සම්මාන බෙදී ගියේ මේ විදිහටයි.

වසරේ හොඳම ඇප් එක

වසරේ හොඳම ඇන්ඩ්‍ර‍ොයිඩ් Game එක

වසරේ හොඳම චිත්‍රපට 5

වසරේ හොඳම TV Series 5

වසරේ හොඳම ebooks 5

වසරේ හොදම audio-books 5

ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2018 වසරේ හොදම Apps, Games, Movies, TV Series හා Books වලට ජනප්‍රියත්වය බෙදී ගිහිල්ලා තියෙන්නේ.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Google Play Store එකේ Best of 2018 Page එක සහ නිළ Google Blog එක භාවිතා කළ හැක.