ලබන වසර වන විට Google Hangouts සේවාව නවත්වා දැමීමට කටයුතු කිරීමට Google සමාගම සූදානම් වන බව අපි ඔබව දින කිහිපයකට කලින් දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් Google සමාගමේ තවත් Chat app එකක් වන Google Allo සේවාවත් මෙලෙස සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමට Google සමාගම තීරණය කර තිබෙන බව නිළ වශයෙන් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

කොහොම වුණත් පසුගිය අප්‍රේල් මාසය වන විට මෙම සේවාව වෙනුවෙන් මුදල් වෙන් කිරීම නවතා දැමීමට Google සමාගම කටයුතු කර තිබුණු අතර ලබන වසරේ මාර්තු මාසය දක්වා පමණක් මෙම සේවාව පවත්වාගෙන යාමට ඔවුන් තීරණය කර තිබෙනවා.

මෙම කාළසීමාව ඇතුලත තමන්ගේ දත්ත export කරගැනීමට Allo පරිශීලකයන් හට අවස්ථාව ලැබෙන බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මෙම සේවාවන් වෙනුවෙන් අවධානය යෙදවීම නතර කොට ඒ වෙනුවට SMS වල අලුත් version එක ලෙස ඉදිරිපත් කොට ඇති RCS පහසුකම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන්නට Google සමාගම මේ වන විට කටයුතු කරමින් පවතිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, The Verge වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.