Google සමාගම විසින් මේ මස මුල දී ඔවුන්ගේ Phone app එක non-Pixel devices සඳහාද ලබාදීමට කටයුතු කල අතර ඊටත් පෙර සිටම Verified Calls පහසුකම හඳුන්වාදීමටද කටයුතු කරනු ලැබුවා.

මෙම නිකුත් කිරීම් වලට සමගාමීව, Phone app එක දැන් Play Store හි “Phone by Google” ලෙස rename කිරීමට ද Google සමාගම කටයුතු කර තිබෙනවා.

මෙලෙස “Phone by Google – Caller ID & Spam Protection” යනුවෙන් rename කිරීම මගින් app එකෙහි ප්‍රධාන විශේෂාංගයන් ඉස්මතු කරමින් පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීමටද සමාගම සිය අවධානය යොමු කර ඇති බව දැකගත හැකි වෙනවා.

9to5Google වෙබ් අඩවිය විසින් සඳහන් කරන ආකාරයට, “by Google” ලෙස naming scheme එකක් ඇති අනෙකුත් apps ලෙස Files, Wear OS, PhotoScan, Gallery Go, Read Along, Lookout සහ Socratic යන apps පෙන්වාදිය හැකි වෙනවා.

කොහොම නමුත් මෙම rename කිරීම මගින් ඔබගේ homescreen එකෙහි හෝ launcher එකෙහි සැබෑ app name එකට කිසිදු වෙනසක් සිදු නොවන බවද වැඩිදුරටත් සඳහන් කලයුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ Android Headlines වෙබ් අඩවිය භාවිතා කළ හැක.